ප්‍රසන්න රණතුංගට එරෙහිව නඩු – මෛත්‍රීට අපහාස කළ නිසා..
හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ වදින මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන අන්දමින් සිදු කළ ප්‍රකාශ නිසා ප්‍රසන්න රණතුංගට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතීඥ සංගමය පවසයි.
තමන් මෙම තීරණයට එළඹියේ මැතිවරණ අපේක්ෂකයෙකු වන සිරිසේන මහතා ඉලක්ක කරගනිමින් සිදු කරන එම ප්‍රකාශ මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් වන හෙයින් යැයිද එම සංගමය දන්වා සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (14) පැවති මාධ්‍ය හමුවකදී මෙම දැනුම්දීම සිදු කෙරිණ.