පළඟැටියෝ පොල්ගහවෙලටත් එති
පොල්ගහවෙල ලෙව්දෙනිය හා පනලිය ප්‍රදේශවල පෞද්ගලික රබර් වතු දෙකකින් වාර්තා වන පළඟැටි උවදුර මින් පෙර කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ උවදුරම බව අනාවරණය වේ.
අදාල රබර් වතු හිමියන් විසින් ගොවි නියාමකවරුන් හා කෘෂි නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ විශේෂඥයෝ අවධාරණය කළේ මෙම විශේෂය කාන්තාර පළඟැටියන් නොවන බවයි. පළඟැටි ගහනය පිළිබඳව තම ගොවි බිම්වලින් වාර්තා වුවහොත් කඩිනමින් ඒ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින බවද පාලන පියවර ගනිමින් තිබෙන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.