පලාත් සභා වාහන අනතුර වසන් කිරීම ගැන හොයන්න ත්‍රි පුද්ගල කමිටුවක්

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ 

නැගෙනහිර පලාත් මුදල් හා ක්‍රම සම්පාදන පලාත් පාලන අමාත්‍යාශයේ ලේකම්වරියගේ නිල රථය ඇගේ දියණිය විසින් පදවා අනතුරකට ලක්කර එය වසන් කිරිම සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විම සදහා ත්‍රි පුද්ගල කමිටුවක් පත්කල බව නැගෙනහිර පලාත් ප්‍රධාන ලේකම් තුසිත පි. වනිගසිංහ මහතා පැවසීය.

නැගෙනහිර පලාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙස් මත පත්කල මෙම ත්‍රි පුද්ගල කමිටුවේ සභාපති ලෙස නැගෙනහිර පලාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා (ඉංජිනේරු) නම්කර තිබේ. කමිටුවේ ‌සෙසු සමාජිකයන් ලෙස නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) පලාත් ප්‍රධාන අභ්‍යන්තර විගණක ද පත්කර තිබේ.

සිද්ධියට තුඩුදුන් වාහනය මේ වන විට අලුත්වැඩියා කිරිම සදහා කොළඹට යවා ඇති අතර මෙම සිද්ධිය වසන්කර අදාල රක්ෂණ සමාගමෙන් හානිපුර්ණය කිරිමට ගත් උත්සහය පිළිබඳව සෙවිමට මෙම ත්‍රි පුද්ගල කමිටුවට පැවරේ. 

මේ සම්බන්ධයෙන් කල විමසුමකට පිලිතුරු දුන් නැගෙනහිර පලාත් ප්‍රධාන ලේකම තුසිත පි. වනිගසිංහ මහතා පවැසුවේ පරික්ෂණ කමිටුවේ වාර්තාවේ පදනම් කරගෙන ඉදිරියේ දී අවශ්‍ය පියවර ගන්නා බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.