පන්සල් පල්ලිවල පැල සිට වූ බලංගොඩ පරිසර දින සැමරුම
නන්දන සම්පත් වලේබොඩ
ජගත් පරිසර දිනය සැමරීම අරමුණු කර ගනිමින් බලංගොඩ අඩවි වන නිලධාරි කාර්යාලය අද (10) සංවිධානය කොට තිබූ රුක් රෝපණ වැඩසටහනේදී ප්‍රදේශයේ සියලු ආගමික ස්ථානවල පැල සිටුවීමට අවශ්‍ය පියවර ගනු ලැබිණ. ජගත් පරිසර දිනය යෙදී තිබුණු පසුගිය 05 වැනි දින නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ බැවින් එදින සිදු කළ නොහැකි වූ සැමරුම ක්‍රියාත්මක කිරීමට අද දිනය යොදාගත් බවද සියලු ආගමික ස්ථානවල පැල සිටුවීම එහි ප්‍රධාන කාර්යය වූ බවද බලංගොඩ අඩවි වන නිලධාරි විජයන්ත උපුල් මහතා පැවසීය.
බලංගොඩ ප්‍රදේශයේ සියලු ආගමික ස්ථාන ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහන සිදු වූ අතර අලුත්නුවර කතරගම දේවාලය, බොල්තුඹේ සමන් දේවාලය, වලේබොඩ සමන්තැන්න විහාරස්ථානය, බලංගොඩ ඉස්ලාම් ජුම්මා පල්ලිය, තංජන්තැන්න ශාන්ත මරියා දේවස්ථානය ඇතුළු ස්ථාන රැසක නා, මී, කුඹුක් වැනි ශාඛ සහ පළතුරු ශාඛ සිටුවා ඇත.
ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් භාග්‍යා බටුගෙදර, ඉඹුල්පේ ප්‍රාදේශීය සබාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.