පන්දාහට පක්ෂ භේදයක් නැහැ – ජානක වක්කුඹුර

බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන
ඇඳිරිනීතිය පනවා තිබෙන සමයේ ජිවනෝපාය අහිමි ව සිටින රැපියල් 5000 දීමනාව ලබාදීමට සුදුසු සියළුම දෙනාට දේශපාලන පක්ෂ භේදයකින් තොරව එය ලබා දෙන බව අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඔුර අද (18) පැවැසීය.
යමි ආපදා තත්වයකදී ජනතාවට සහනයක් ලබා දීම සඳහා සහන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන අවස්ථාවක සෑම විටම ජනතාවගේ පැත්තේ සිට එම සහනය ලබා දීමට කටයුතු කරන බව ඇමතිවරයා පැවසීය. රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රදේශිය ලේකම් කොටිඨාශයේ සමෘද්ධි ලාභින් සියළුම දෙනාට සහ ප්‍රමුඛතා ලේඛනයේ සිටින සියළුම දෙනාට රුපියල් 5000 දිමනාව ලබා දි අවසන් කළ බව ඔහු පැවසීය. 5000 දිමනාව ලබා දීම සඳහා තවත් 2000ක පමණ පිරිසක් අයගම ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයේ සිටින බවත් අනිද්දා (20) වැනිදා වෙන විට එම පිරිසටත් එය ලබා දී අවසන් කරන බවත් ඇමති ජානක වක්කුඔුර වැඩිදුරටත් වැඩිදුරටත් පැවසීය.
