පන්දහස ගන්න වතු ජනයා පොරොන්දු පෝළිම්වල

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම සමග පිඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් දෙවන අදියර යටතේ ලබාදෙන රු පන්දහසේ දිමනාව ලබා ගැනිමට වතු කම්කරුවන් විශාල පිරිසක් දින 15 ක් තිස්සේ හැටන් දික්ඔය 319 ජේ ග්‍රාමසේවා කාර්යාලය අසල රැඳී සිටිති. නොර්වුඩ් සමෘද්ධි කාර්යයාලය මගින් තේ වතු ආශ්‍රිතව ජීවත්වන පිඩාවට පත් ප්‍රතිලාභින් වෙත දෙවන අදියර යටතේ මුදල් ගෙවිම සිදු කරන අතර, හැටන් දික්ඔය වනරාජා වත්තේ වතු කම්කරුවන්ට මුදල් ලබා ගැනිමට පැමිණෙන ලෙස නොර්වුඩ් සමෘද්ධි කාර්යාලයෙන් දැනුම් දෙන බවත්, එම මුදල ලබා ගැනිමට වසමේ ග්‍රාමසේවා කාර්යාලය වෙත දිනපතා පැමිණියද රු පන්දහසේ දිමනාව තමන්ට ලබා නොදෙන බව පිඩාවට පත් වතු කම්කරුවන් පැවසිය.

තම වතු යායේ දෛනික වැඩකටයුතු වලටද නොගොස් රු පන්දහසේ දිමනාව ලබා ගැනිමට ග්‍රාමසේවා කාර්යාලය වෙත දිනපතා උදැසනම පැමිණ පස්වරුව තෙක්ම රැඳී සිටිමින් රස්තියාදු වි ආපසු හිස් අතින් නිවසට යන බව ඊයේ (15) දිනයේත් දිමනාව ලබා ගැනිමට ග්‍රාමසේවා කාර්යාලය ඉදිරි පිටට පැමිණි වතු කම්කරුවෝ කියා සිටියහ.

වතු කම්කරු ජනයාගේ මේ චෝදනාව සම්බන්ධයෙන් නොර්වුඩ් සමෘද්ධි කාර්යාලයේ කලමණාකරු විල්සන් ජේ ප්‍රකාශ් මහතාගෙන් කරුණු විමසිමේදි ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බලා තොරතුරු වාර්තා කරන බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *