නෝර්වුඩ් නිව්වැලි පාසලට සුළඟින් හානි

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට (15) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව සමග හමා ගිය දැඩි සුළඟකින් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නෝර්වුඩ් නිව්වැලි දමිළ මහා විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලක වහලට දැඩි අලාභ හානි සිදු වී ඇති බව නොර්වුඩ් පොලීසිය පැවසීය.
(15) දින පස්වරු 3 ට පමණ කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ජලාශය අසල පිහිටි නිව්වැලි දමිළ මහ විද්‍යාලයේ පළමුවෙනි ශ්‍රේණියේ ළමුන් අධ්‍යාපනය ලබන ගොඩනැගිල්ලේ වහලේ ඇස්බැස්ටෝස් සෙවිලි සම්පුර්ණයෙන්ම සුළඟට ගසාගෙන ගොස් බිමට වැටී විනාශ වී ඇත.
අනතුරත් සමග පන්ති කාමරය තුළට ජලය කාන්දු වී ඇති බවද පොලීසිය පවසයි.
සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර,පාසල අසල තිබෙන විශාල ගස් කිහිපයක්ද කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම ගස් කපා ඉවත් කිරීමට නොර්වුඩ් වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.
