නුසුදුසු විදුහල්පති එපා – මස්කෙලිය ගවරවිල මහා විද්‍යාලයේ සිසුන්.

 නුසුදුසු විදුහල්පති එපා – මස්කෙලිය ගවරවිල මහා විද්‍යාලයේ සිසුන්.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය සාමිමලේ ගවරවිල මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සහ දෙමව්පියන් අද (03) දින ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර කරමින් උද්ඝෝසනයක නිරත වුණා. ඒ හේතුවෙන් එම මාර්ගවල ගමනාගමන කටයුතු පැය දෙකකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණා. උද්ඝෝසනයේ නිරත වූ දෙමව්පියන්ගේ සහ සිසුන්ගේ ඉල්ලීම වූයේ, ගවරවිල විද්‍යාලයට සුදුසුකම් ඇති විදුහල්පතිවරයෙකු ලබා ගැනීමයි. ඔවුන් අවහිර කළේ මස්කෙලිය සාමිමලේ , සාමිමලේ හැටන් යන ප්‍රධාන මාර්ගයි.  ඒ (3) වැනිදා පස්වරුවේයි.

ගවරවිල දෙමළ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් දහසක් පමණ අධ්‍යාපනය ලබන අතර එම පාසලේ මෙතෙක් කල් විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කල අයෙකු දෙමව්පියන්ගේ සහ සිසු සිසුවියන්ගේ ඉල්ලිම මත වෙනත් පාසලකට මාරු කිරිමට හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කටයුතු කර තිබුණා.
එම විදුහල්පතිවරයා වෙනුවට (03) දින වෙනත් විදුහල්පතිවරයෙකු එම පාසලේ විදුහල්පතිවරයා වශයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් පත්කළ නමුත් ඔහු  (03) දින වැඩ භාර ගැනිමෙන් අනතුරුවයි  සිසු සිසුවියන් සහ දෙමව්පියන් මාර්ගය අවහිර කරමින් උද්ඝෝසනයේ නියැලුණේ.
“දේශපාලන බලපැමක් මත විදුහල්පති තනතුර සදහා සුදුසුකම් නොමැති අයෙකු තම පාසලට විදුහල්පතිවරයා වශයෙන් පත් කර එවා ඇති බවත්, එවැනි සුදුසකම් නොමැති විදුහල්පතිවරයෙකුට තම පාසලේ පරිපාලන කටයුතු සිදු කරගෙන යාමට නොහැකි බවත්” ඔවුන් සඳහන් කළා.

උද්ඝෝසනය නිසා ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වීම හේතුවෙන් එහි පැමිණි මස්කෙලිය පොලිසියේ නිලධාරින්, “තමන් අධ්‍යාපන බලධාරින් සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වීම මත උද්ඝෝසකයෝ මාර්ගයෙන් ඉවත් වූ අතර එය තාවකාලික පසුබෑමක් බව පැවසුවා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *