නුවර අන්දරේලාත් සීනි කිලෝ තුන්ලක්ෂයක් හංගලා – වැටලීමේදී හාලුත් අල්ලයි.

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකර මහනුවර කුණ්ඩසාලේ පිහිටි දෙමහල් නිවසක සඟවා තිබූ සීනි කිලෝ ග්රෑම් 313200 ක් මහනුවර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (01) සොයා ගනු ලැබ ඇත.

මහනුවර නගරයේ ව්‍යාපාරික ස්ථානයක තොග ගබඩාවක් වශයෙන් මෙය පවත්වාගෙන ගොස් තිබේ. අදාළ ස්ථානයට මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇත.

අධික මිලට අළෙවි කිරීම සඳහා  සීනි තොගයක් සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.

මෙම සීනි තොගය අතර භාවිතයට නුසුදුසු සීනි කිලෝ ග්රෑම් දහස් ගණනක්ද තිබූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

මෙම තොග ගබඩාවේ සහල් කිලෝ ග්රෑම් 28600 ක්ද තිබී ඇති අතර ඒවාටද මුද්‍ර තැබීමට වැටලීම සිදුකර නිලධාරීන් පියවර ගෙන ඇත.

අධික මිලට සීනි අළෙවි  කෙරෙන අවස්ථාවක මෙලෙස සීනි තොග රැස්කර තබන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ඒ.එම්.ජේ.සමන්ත මහතා පැවසීය.

නිරෝධායන ඇඳිරි නීති සමයේ පාරිභෝගික පනත උල්ලංඝනය කරන ව්‍යාපාරික ස්ථාන වැටලීමේ මෙහෙයුම්  මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි අඛණ්ඩව සිදුකරන බව ද ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *