නුවරට කිරි

 නුවරට කිරි

රජයේ මාධ්‍ය ප්‍රකාශකවරු ලෙස අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල හා මහින්දානන්ද අලුත්ගමගේ පත් කොට තිබේ. පළමුව කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ අතර තමන්ද මැතිවරණ ව්‍යාපාරයේදී මාධ්‍ය කමිටුව නියෝජනය කළ බැවින් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කරන්නැයි අලුත්ගමගේ ඇමතිවරයා ඉල්ලා සිටීම නිසා ඔහුටද එම තනතුරම ලබා දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව රජයේ මාධ්‍ය ප්‍රකාශකයින් දෙදෙනාම මහනුවර දිස්ත්‍රික්කයෙන් පත් කරනු ලැබ සිටිති. ඔවුන් දෙදෙනා මහනුවර දිස්ත්‍රික්කයේ මනාප සඳහා එකම පක්ෂයෙන් තරඟ වදින ප්‍රතිවාදීන් දෙදෙනෙකු වන අතර මේ පත් කිරීම සමගි සන්ධානය සඳහා හේතු වේ දැයි යන්න දෙස මහනුවර ඡන්දදායකයෝ බලා සිටිති.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *