නුවරඑළිය කොවිඩ් රෝගීන් ගණන 2000 ඉක්මවයි

අද මැයි 04 වැනිදා වාර්තා වූ රෝගීන් 84 දෙනෙකු සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2065ක් ලෙස සටහන් වේ.  මෙම ආසාදිතයන් අතුරින් 366 දෙනෙකුම අප්‍රේල් 20 වන දිනයෙන් පසුව වාර්තා වන බව සෞඛ්‍ය නිළධාරීහු පෙන්වා දෙති.  අද රෝගීන් බහුතරය වලපනේ හා බගවන්තලාව සෞඛ්‍ය කොට්ඨාශවලින් වාර්තා වී ඇත .

මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගම්මාන තුනක් හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත. දැනට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 15කි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.