නුවරඑළියේ පොහොර කලු කඩ වැටලීම තවදුරටත්

වැඩි මිලට අළෙවි කිරීම සඳහා නානුඔය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක සඟවා තිබූ රසායනික පොහොර මිටි 129 පෙරේදා(30) තම භාරයට ගත් බව නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි ජේ.එම්.ආර්.කරුණාරත්න මහතා පැවසීය.

නානුඔය නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍යය සහ රසායනික පොහොර අළෙවි කරන ව්‍යාපාරිකයෙකු රහසිගතව රසායනික පොහොර වැඩි මිලට අළෙවි කරන බවට ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදවා පොහොර මිටියක් මිලදී ගැනීමට සලස්වා අදාළ පොහොර තොගය සඟවා තිබූ ස්ථානය සොයාගත් බව වැටලීම සිදුකළ නිලධාරීන් පැවසූහ.

සැකකරු සන්තකයේ අල පොහොර,කොළ පොහොර ,ටි.ඩි.එම් සහ කැට පොහොර ඇතුළු රසායනික පොහොර කිලෝ ග්රූම් 50 මිටි 129 ක් තිබී ඇත.එම පොහොර තොගය නානුඔය පොලිසියේද සහයෝගය ඇතිව ආරක්ෂිත ස්ථානයක ගබඩා කර එම ගබඩාවටද මුද්‍රා තැබීමට නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඇපකරයක් මත මුදාහැර ඇත.ඔහුට එරෙහිව මෙම මස (08) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ  විමර්ශන නිලධාරි ජේ.එම්.ආර්.කරුණාරත්න මහතා පවසයි.

මෙම වැටලිමට නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ විමර්ශන නිලධාරින් වන එම්.අයි.අස්ලාම්,ආර්.ආර්.නිසව්ඩින් යන මහත්වරුද සහභාගි වි ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *