නුවරඑළියට මල් තුහින

නුවරඑළිය නගර සිමාවේ ස්ථාන කිහිපයකට පසුගිය දින කිහිපයේ අලුයම මල්තුහින පතිත වි තිබුණි.
සැම වසරකම ජනවාරි මාසයේ නුවරඑළිය ප්‍රදේශයට මල්තුහින පතිත වන අතර , 2020 වසරේ පසුගිය දින කිහිපය තුල නුවරඑළිය තුරඟ තරඟ පිටිය අවටත්, අවට එලවළු වගා බිම් කිහිපයකටත් අලුයම් කාලයේ මල්තුහින පතිත වි තිබුණි.
එලවළු වගාවට මල්තුහින පතිත විමෙන් පසු හිරු එලිය වැටිමත් සමග එලවළු වගාව පිලිස්සි යන නිසා හිරු එලිය වැටිමට ප්‍රථම එලවළු වගාව තුල පතිත වි ඇති මල්තුහින වතුර ඉස සෝදා දැමිමට එලවළු ගොවින් කටයුතු කළහ.
නුවරඑළිය ප්‍රදේශයට මල්තුහින පතිත වන කාලයේදි එලවළු වගාව පිලිස්සි යන නිසා වෙළඳපොලේ උඩරට එලවළු මිළද තවදුරටත් ඉහළ යන බවයි ගොවීන් කියා සිටියේ.
නුවරඑළිය අවට තේ වගාවටද මල්තුහින පතිත විම නිසා ඉකුත් වසරේ ඊට හානි සිදු වි තිබුණි.
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග නුවරඑලියට මේ දින වල දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටිහ.