නීති විරෝධීව රටින් පනින්න ගිය 67 ක් ත්‍රිකුණාමලයේ දී කොටු වෙයි

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ 

ත්‍රිකුණාමලයට උතුරින් පිහිටි නිලාවෙලි සාම්බල්තීවු ප්‍රදේශයේ දී නීති විරෝධි අයුරින් විදේශ රටකට පලා යාමට තැත් කල 67 දෙනෙකු සිය භාරයට ගත් නාවික හමුදාව ඉන් ගොඩ බිමේ රැඳි සිටි 10 දෙනෙකු නිලාවෙලි පොලිසියට ත් මුහුදේ යාත්‍රාවක රැදී සිටි සෙසු පිරිස ත්‍රිකුණාමලය වරාය පොලිසියට වැඩිදුර විමර්ශණ සඳහා භාර දීමට කටයුතු කලහ

නාවික හමුදාවට ලද තොරතුරක් මත ගොඩබිම රැදී සිටි පිරිස අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේ දී මුහුදේ බහුදින යාත්‍රාවක තවත් පිරිසක් රැඳී සිටින බවට ලද තොරතුරු අනුව යාත්‍රාවේ රැදී සිටි පිරිස ද සිය භාරයට ගනු ලැබුහ.

මෙලෙස අත් අඩංගුවට ගනු ලැබු පිරිස අතර පිරිමි පුද්ගලයන් 57 ක් කාන්තාවන් හතක් හා කුඩා දරුවන් තිදෙනෙකු ද සිටිති. අත් අඩංගුවට ගත් මෙම පිරිස ත්‍රිකුණාමලය, මඩකලපුව, පුත්තලම, අම්පාර, රත්නපුර ගම්පහ හා කොළඹ පදිංචිකරුවන් වෙති. 

අත් අඩංගුවට පත් පිරිස අතර ජාවාරම මෙහෙයවු පස් දෙනෙකු සිටින බව නාවික හමුදාව කියයි. මෙම පිරිස රැගෙන ආ සාම්බල්තීවු වෙරලේ නවතා තිබු වෑන් රථයක් සහ ත්‍රී රෝද රථ දෙකක් ද අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් සියලු සැකකරුවන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට නියමිතය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.