නීතිවිරෝධී මත්පැන් වැටලීම් අදත්

 නීතිවිරෝධී මත්පැන් වැටලීම් අදත්

ඇඳිරි නීති සමයේ මත්පැන්හල් වසා තිබීම නිසා දිවයින පුරා නීතිවිරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස් තිබෙනවා. එමනිසා අද දවසේත් සියලු පර්යන්ත පොලිස් ස්ථාන නීතිවිරෝධී මත්පැන් සොයා වැටලීම් සිදු කළා. බණ්ඩාරවෙල, බලංගාඩ හා කඳුකරයේ ප්‍රදේශ රැසක කළ වැටලීම්වලින් සැකකරුවන් රැසක් සමග මත්පැන් තොග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. ඒ අනුව තේ වත්තක නීති විරෝධී මත්පැන් පෙරූ සැකකරුවන් තිදෙනෙක් නොර්වුඩ් පොලිසියද අද (13) දින පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.
නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ ඉහළ කොටසේ වතු කම්කරුවන් තිදෙනෙකුයි නීති විරෝධී ලෙස මත්පැන් පෙරා වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට අලෙවි කරන බවට ලද තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට පත් වුණේ.
සැකකරුවන් සන්තකයේ තිබී ගෝඩා ලීටර් 20 ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. ඒ අතර මත්පැන්හල් වසා දැමීම නිසා කසිප්පු ඇතුළු නිතිවිරෝධී මත්පැන් අලෙවි වන්නේ ඉතා ඉහළ මිළ ගණන්වලට බවද වාර්තා වෙනවා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *