නිලූකා අස්වෙන්න හේතුව සජිත්ටත් කියලා

ජාතික සමඟි බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂිකා මධ්‍යම හා සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. තම ඉල්ලා අස්වීම සම්බන්ධව ඇය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම්දී ඇත. මැතිවරණයට තරඟකර අපේක්ෂකයෙකු ලෙස රට වෙනුවෙන් ඉටුකරලීමට අපේක්ෂා කරන සුබවාදී බොහෝ දේ මේවන විට ඉටුවෙමින් පවතින බවක් පෙනෙන්නට තිබෙන බැවින් මෙම තීරණයට එළඹි බව ඇය පවසයි.

මෙරට ජනතාවගේ ඉදිරි අපේක්ෂාවන් හා රටේ ඉදිරි අභිවෘද්ධිය නිසි දිශානතියට ලක්වෙමින් හා අපේක්ෂිත ජයග්‍රහණයන් රටක් වශයෙන් අත්කරගමින් සිටින මෙවන් අවස්ථාවක සෞභාග්‍යමත් වූ ශ්‍රී ලංකාවක් ඉදිරියේදී බිහිවනු ඇති බවට ගොඩනැගී ඇති විශ්වාසයක් තමන් තුළ තිබෙන බවත් ඒ නිසා පක්ෂ වලට බෙදී තරඟ කරනු වෙනුවට ඉදිරියේදී  ඇතිවන අභිමානය,සුරක්ෂිත භාවය හා සශ්‍රීකත්වයෙන් හෙබි ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙමින් මැතිවරණයට තරඟ නොකර ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් එම ලිපියේ සඳහන් වෙයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමුකළ ලිපියේ පිටපත් නිලූකා ඒකනායක මහත්මිය විසින් ජාතික සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට හා එහි ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබාදී තිබේ.

තෙසේ වෙතත් අද(12) බලංගොඩ පැවති මාධ්‍ය හමුවකදී  රත්නපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ අපේක්ෂක ජානක වක්කුඹුර මහතා පැවසුවේ පරාජය තේරුම් ගත් නිලූකා වැනි පිරිස් ඉල්ලා අස්වන බවයි. එවැනි අය අතර සිටින දූෂිතයන් නොවන රටට හිතැති පිරිස්වලට සිය පක්ෂය හා එක්වීමට පුලුවන් බවද ඔහු එහිදී පැවසීය.

නිලූකා ඒකනායකගේ ලිපිය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *