නිලාවේලි මුහුද දරු දෙදෙනෙකු බිලි ගනියි

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ 

නිලාවේලි මුහුදට බැස ඇවිදිමින් සිටියදි දිය වැලකට අසු වි ගසාගෙන ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (04) පස්වරුවේ දියේ ගිලි මියගොස් තිබේ.

මෙලෙස මියගියේ කුච්චවේලි එරක්කණ්ඩි  වාලයුත්තු පදිංචිකරුවන් වන  අබ්දුල්  රහුමාන් අර්හාන් (14)  හා  උවයිස් මොහොමඩ්  සහීර් (13)  නැමැති අයයි. මියගිය සිසුන් දෙදෙනා  නුවර සිට පැමිණ ඥාතින් පිරිසක්  සමග මුහුදට බැස දියඹ දෙසට ගමන් කරද්දි දියවැලකට අසුව  ගසා ගෙන ගොස් ඇතැයි කුච්චවේලි පොලිසිය සිදුකල මුලික  පරික්ෂණ වලින්  අනාවරණය වි තිබේ.  

අනතුරුව අවට සිටි පිරිස් දියේ ගිලුණු සිසුන් දෙදෙනා බේරාගෙන නිලාවේලි  ප්‍රාදේශිය රෝහලට  ඇතුලත් කර ඇති අතර එම අවස්ථාවේ දීත් ඔවුන් මියගොස් සිට ඇත. 

මියගිය සිසුන් දෙදෙනාගේ මව්වරු එකම පවුලේ අක්කා නගෝ වෙති. මියගිය එක් සිසුවෙක්ගේ මීට වසරකට පෙර පිළිකා රෝගයකින් මියගිය වැඩිමහල් සොහොයුරෙකුගේ පුණ්‍ය කටයුතුත්තකට  මෙම ඥාති පිරිස පැමිණ ඇති අතර එම ඥාති පිරිස සමග නිලාවේලි වෙරළට ගොස් ඇතිබව පොලිස් පරික්ෂණ වලින්  හෙලිවිය.

මියගිය සිසුන් දෙදෙනා සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය නිලාවේලි රෝහලේදි කුච්චවේලි හදිසි මරණ පරික්ෂක අබ්දුල් මුතාලිප්  නයිම් මහතාගේ මුලිකත්වයෙන් සිදු වු අතර ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගෙන මෙය දියේ ගිලි හුස්ම හිර වි සිදු වු මරණයක්  බවට නිගමනය කලේය.සාක්ෂි සටහන් කර ගැනිම පසුවට කල්තැබු  හදිසි මරණ පරික්ෂකවරයා  විවෘත තීන්දුවක් ලබාදෙමින්  මෘත දේහ ඥාතින්ට භාරදෙන ලෙස පොලිසියට නියම කලේය.කුච්චවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර රත්නායක මහතාගේ මෙහෙයවිම යටතේ පොලිස් කොස්තාපල්වරුන් වන (71196)ඉන්දික, (71394) දිසානායක යන මහත්වරු පරික්ෂණ පැවැත්වුහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *