නිරෝධායන රැඳවියා සිය දිවි නසා ගනී.
කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා නිරෝධායනයට ලක් කර සිටි අයෙකු සිය දිවි නසා ගෙන ඇතැයි මහනුවරින් වාර්තා වේ. ඔහු දින 14ක නිරෝධායන කාලසීමාවක් යටතේ රඳවා තිබුණේ මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාරය ආශ්‍රිතව පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ ය. මෙහි නිරෝධායන ක්‍රියාවලියට ලක් කොට තිබෙන්නේ විදේශයන්ගේ සිට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ය. මේ පුද්ගලයා ගෙල වැල ලා ගෙන සිය දිවි හානි කර ගෙන ඇති අතර, ඊට හේතුව තවම අනාවරණය වී නැත.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.