නිරෝධායන නීති ඈවරයි. කොවිඩ් ආසාදිත මළසිරුරක් මතුගමට ගෙන යාමට මහනුවර රෝහලෙන් අවසර

කොවිඩ් නිරෝධායන නීති රීති අනුගමනය කරන ලෙස සාමාන්‍ය ජනතාවට නිතර දැනුම් දෙන සෞඛ්‍ය බළධාරින් එම නීති රීති උල්ලංඝණය කරමින් කොවිඩ් ආසාදිත මෘතදේහයක් මහනුවර සිට මතුගමට රැගෙන යාම සඳහා අවසර දුන් පුවතක් මහනුවර ජාතික රෝහලින් වාර්තා වෙයි.
මෙලෙස මහනුවර ජාතික රෝහලේ සිට කොළඹ මතුගම දක්වා මෙලෙස රැගෙන යාමට අවසර ලබා දී ඇත්තේ පසුගියදා නිමාවට පත්වූ ඇසළ පෙරහර මංගල්‍යයේ නාථ දේවාල පෙරහරට පන්තේරු නැටුම් ශිල්පියෙකු ලෙස සහභාගි වෙමින් සිටියදී දේවාළ පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලකින් වැටී බරපතල තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 19 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරය
මතුගම පදිංචි එම තරුණයා මිය යන විට කොවිඩ් ආසාදිතව සිටි අතර මහනුවර සිට මතුගමට රැගෙන ගොස් ආදාහනය කිරිමට කටයුතු කරන ලෙසත් ඒ සදහා මෘත දේහය කොළඹ මල් ශාලාවට භාරදෙන ලෙසත් දන්වමින් අද මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා විසින් ලිඛිත අවසරයක් ලබා දී තිබේ.
මෙම වැරදි පූර්වාදර්ශය හේතුවෙන් ඉදිරියේදි මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල මරණයට පත්වන පිට පළාත්වල කොවිඩ් ආසාදිත මළ සිරුරු ඒ ඒ පදිංචි ප්‍රදේශවලට ගෙන ගොස් ආදාහනය කිරිමට අවසර ඉල්ලුවහොත් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.
මේ වනතුරු මහනුවර ජාතික රෝහලේ සිදුවූ කොවිඩ් මරණ සියල්ලම පාහේ අවට පදිංචිකරුවන්ගේ ඒවා බවත් පිට පළාත් වල කොවිඩ් මෘත දේහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මගින් ඉල්ලා සිටියහොත් ඒවා ලබා දීමේ ගැටලුවක් නොමැති බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසේකර මහතා කීය.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පනාපිටිය මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ කොවිඩ් නිරෝධායන නීති රීති රෙගුලාසි ප්‍රකාරව කොවිඩ් ආසාදිත මළ සිරුරක් ආදාහනය කල හැක්කේ රෝහල ආසන්නයේ පවතින ආදාහනාගාරයක පමණක් බවයි.