නිරෝධායනයට යැවූ රත්නපුර පිරිස නිවෙස් වෙත.

බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන
දියතලාව හා කහගොල්ල යුද්ධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල සාර්ථකව නිරෝධායනය අවසන් කළ රත්නපුර ප්‍රදේශයේ 67 දෙනෙකු ඊයේ (11) රාත්‍රියේ නැවත නිවෙස් වලට පැමිණියහ.
නිවිතිගල එක් පවුලක සාමාජිකයින් ,පැල්මඩුල්ල එක් පවුලක සාමාජිකයින් හා රත්නපුර ප්‍රදේශයේ පවුල් 21කට අයත් සාමාජිකයින් මෙලෙස පරික්ෂණ කටයුතු සාර්ථකව අවසන් කර තිබෙන බවට වාර්තා විය. රත්නපුර මුද්දුව ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදනය වි ඇති දෙදෙනකු වාර්තා විමත් සමග ඉකුත් 09 වැනිදා මෙම 67 දෙනා නිරෝධායන හා පරික්ෂණ කටයුතු සඳහා යොමු කිරිමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ කටයුතු කලේය. කෙසේවෙතත් මෙම පිරිසට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට පරික්ෂණ වලදි අනාවරණය වි තිබෙි.