නිරෝධායනයට පවරා ගෙන ශ්‍රී පාද විද්‍යා පීඨය වසයි.
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් දිඹුල පතන ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය ඊයේ (11) සිට දින සිට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත. එම විද්‍යා පිඨයේ ගුරු පුහුණුව ලබමින් සිටි සිසු සිසුවියන් 582 දෙනෙකුට නිවාඩු ලබාදී නිවෙස් වලට යවා තිබේ. නිවාඩු ලබාදුන් සිසු සිසුවියන්ට ඔවුන් පදිංචි ආසන්නම නගර දක්වා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබිණි. ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨයේ නිල නිවාස වල පදිංචි අචාර්යවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටද තාවකාලිකව විද්‍යා පිඨයෙන් ඉවත් වන ලෙස යුද හමුදාව උපදෙස් ලබාදී තිබේ. ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය තුළ 250 දෙනෙකුට පමණ නිරෝධායන පහසුකම් සලසා ඇත.