නිරෝධායනයට, කොකා පෙන්වන වෙන්නප්පුවේ සමහරු.

 නිරෝධායනයට, කොකා පෙන්වන  වෙන්නප්පුවේ සමහරු.

වෙන්නප්පුව ප්‍රදේශයේ  කුකුළු මස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්  පොලිස් ඇඳිරි නිතිය හා රජය මගින් ලබා දුන් උපදෙස් නොපිළිපදිමින්  පසුගිය 21 වන  දිනයේ නිෂ්පාදන කටයුතු සිදු කර තිබේ . මේ  ආයතනය සතු බස් රථ වලින් හා සේවකයන්ගේ වාහන වලින්  පසුගිය 21 වන  දිනයේ පැමිණි සේවක පිරිස ආයතනය තුල සේවය කරන අයුරු සදහන් විඩියෝවක්ද  මාධ්‍යයට නිකුත් කිරීමට ප්‍රදේශ වාසීන් පියවර ගෙන තිබිණි .

මේ පිළිබඳව වෙන්නප්පුව පොලිසිය , හලාවත පොලිස් අධිකාරී , වෙන්නප්පුව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක , හා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුවත් කිරීමටද  ප්‍රදේශ වාසීන් පියවර ගෙන තිබිණි . වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් අවස්ථා කීපයකදී  මේ ආයතනයට පැමිණ ගොස් ඇති බවද වාර්තා වේ.   මිට අමතරව වෙන්නප්පුව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ද මේ පිළිබඳව සොයා බැලු බව වාර්තා වේ .

වෙන්නප්පුව ප්‍රදේශය ප්‍රසිද්ධ ව  ඇත්තේ පුංචි ඉතාලිය නමිනි . මේ දිනවල සැළකිය යුතු පිරිසක් ඉතාලියේ සිට වෙන්නප්පුවට පැමිණ සිටි .  මේ තත්ත්වය තුළ රජයේ උපදෙස් නොපිළිපදිමින් ජනතාව ඒකරාශී කර ගනිමින් කර්මාන්ත කර ගෙන යාමට පියවර ගැනීම පිලිබදව මේ ආයතනයට ප්‍රදේශවාසීන්ගේ ද විරෝධය එල්ලව තිබේ .

මිට අමතරව වෙන්නප්පුව ප්‍රදේශයේ  ක්‍රීඩාංගනයක  ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි තරුණයන් පිරිසකට   අවවාද කර නිදහස්  කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව පියවර ගෙන ඇත .

අදාල කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු සිදුවන අන්දම දැක්වෙන වීඩියෝව මෙතැනින් පිවිසෙන්න.

ප්‍රසාද් පූර්ණමාල්

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *