“නියුක්ලියස්” ඩිජිටල් වේදිකාවක සිට ජාත්‍යන්තර ගැමි කාන්තා දිනය සමරයි

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

වැටුප් දීමනා හෝ වෙනත් කිසිදු වර ප්‍රසාදයක් නොමැතිවම සිය පවුල තුල මෙන්ම ඉන් පිටතද ආර්ථිකය, අධ්‍යාපනය, දේශපාලනික හා සාමාජිය වශයෙන් විශාල සේවාවාවක් සමස්ථ ලෝකය වෙනුවෙන් නිහඩව ඉටු කරමින් සිටිනා ග්‍රාමීය කාන්තාවන්ගේ එම කැපවීම හා දායකත්වය අගය කරමින් නියුක්ලියස් පදනම විසින් ජාත්‍යන්තර ගැමි කාන්තා දිනය සමරනු ලැබීය. 

පවතින වසංගත තත්වයට අනුගත වෙමින් ඩිජිටල් වේදිකාව උපයෝගී කර ගනිමින් ඔන් ලයින් තාක්ෂණය හරහා මෙම සැමරුම සිදුකල අතර ඒ සදහා ඌව හා මධ්‍යම පලාත් වල ගැමි කාන්තාවන් රැසක්ම එක්ව සිටියහ. මෙවර ලෝක ගැමි කාන්තා දිනයේ තේමාව වුයේ “සෑම දෙනාටම හොද ආහාර වගා කරන ග්‍රාමිය කාන්තාවන්”  යන්නයි.

යුරෝපා සංගමයේ මුල්‍යාධාර සහිතව නියුක්ලියස් පදනම විසින් ක්‍රියාත්මක ළගා නොවුවන්ට ළගා වීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවන වැඩසටහන් මාලාවට අනුව ගැමි කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා අවධානයට ලක් නොවු වතු හා ආන්තික ගම්මාන වල ජනතාව වෙත ලගා වී ඔවුන්ට ආරක්ෂිත පානිය ජලය, සනිපාරක්ෂාව, පෝෂණය හා පාරිසරික සංරක්ෂණයට අදාල දැනුම මෙන්ම එම ජනයාගේ කුසලතාවයන් වැඩි දියුණු කිරිම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වසර තුනක් පුරාවට සිදු කරයි.

පසුගිය කාලය පුරාවට ඔවුන් වසංගත තත්වය තුල දී ද ගැමි කාන්තාවන් සවිබල ගැන්වීම සදහා ඩිජිටල් මාධ්‍ය උපයෝගි කර ගනිමින් සිය වැඩසටහන ජනයා වෙනුවෙන් ක්‍රියාත්මක අඛණ්ඩව කලේය. ඔවුන් විසින් ග්‍රාමීය කාන්තාවන් ඉලක්ක කල සංවර්ධන ව්‍යාපෘති, පුහුණු වැඩසටහන් සහ පර්යේෂණ කටයුතු යනාදී සේවාවන් බොහෝමයකි මේ දක්වා වැඩසටහන් 3612 ක් ක්‍රියාත්මක කර අති අතර පුද්ගලයන් 500,000 ක් ආසන්න සංඛ්‍යාවකට ඒවායේ ප්‍රතිලාභ හිමිකර දි ඇත.

එම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ දී ඔවුන් විසින් හදුනාගත් කාන්තාවන් සතුව පවතින දරා ගැනීමේ හැකියාව හා ඔවුන් රටට පවුලට දක්වන දායකත්වය මෙන්ම ප්‍රජාවන්ට සමාජයට දක්වන දායකත්වය නිසාම ඔවුන් සැමරීම කල යුතු බව නියුක්ලියස් හි අදහස වී තිබුණි. ඒ අනුව මෙම සැමරුම ක්‍රියාත්මක කල අතර එහිදි අදහස් දැක්වු බිබිලේ ගම ජල සමිතියේ ලේකම් ශ්‍රියාණි ජයවර්ධන කියා සිටියේ පවුලක විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කරන ගැමි කාන්තාව නියුක්ලියස් පදනම හරහා ක්‍රියාත්මක වැඩසටහන් හේතුවෙන් ඉදිරියට ඇවිත් බවයි. “ගැමි කාන්තාව අතීතයේ සිටියේ පසුගාමිව දැන් ඔවුන් බොහෝ දේවල් වලින් ඉදිරියට ඇවිත් එක් දුරකතන ඇමතුමකින් ගමම සංවිධානය කල හැකි තැනට ඇවිත් ගෘහස්ථ මුල්‍ය කළමණාකරනය ගොවිතැන ඉදි කිරිම් මෙන්ම සමාජිය කටයුතු වලදි ඒවා පටලවා නොගෙන කළමණාකරනය කර ගෙන යාමට අපට දැන් හැකිවෙලා” යැයි පැවසුවාය. 

කෘෂිකාර්මික  හා ග්‍රාමීය සංවර්ධනය ඉහල නැංවිම ආහාර සුරක්ෂිතතාව වැඩ කිරිම ග්‍රාමිය දිළිදු කම තුරන් කිරිම සදහා ග්‍රාමිය කාන්තාවන් ගෙන් ඉටුවන මහගු කාර්්‍යයට සහ දායකත්වයට ගරු කරමින් ඔවුන්ට වඩාත් සුවපහසු දිවි පෙවතක් ගත කිරිමට අවැසි වටපිටාව සැකසිමට ඔවුන් හා එක්ව ඔවුන්ට වෙන්වු ලෝක ගැමි කාන්තා දිනය සැමරීමට නියුක්ලියස් පදනම ඩිජිටල් වේදිකාවක් මත සිට කටයුතු කලේ පස්සර බිබිලේගම වැනි දුෂ්කර ගම්මාන වල ජනයාට සිය හඩ අවදි කිරිමට ද වේදිකාවක් තනමිනි. 

එමෙන්ම ගැමි කාන්තාවන්ගේ සැළසුම් හා යෝජනා අනුමතක කර ඒවා මේ මහ පොලව මත ක්‍රියාත්මක කිරිමට අපි ඉඩ හසර ලබා දුන්නෙමු යි නියුක්ලියස් පදනමේ නියමුවන් ගැමි කාන්තා දිනය දා සපථ කර සිටියේ ළගා නොවුවන් වෙත ළගා වීමේ ව්‍යාපෘතිය හරහා තවදුරටත් ගැමි කාන්තාවන් සවිබල ගැන්වීම කුමන තත්වයක් යටතේ වුවද අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බවද පසක් කරමිනි.   

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *