නියම යූ.එන්.පී ය සජිත් ගාව – හලීම් කියයි
මෙවර පැවැත්වෙන මහ මැතිවරණයෙන් ආණ්ඩු බලය නිසැක වශයෙන්ම සමගි ජන බලවේගය ලබා ගන්නා බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සහ හිටපු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා කීය. කටුගස්තොට පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හලීම් මහතා තව දුරටත් මෙසේද කීය.
සමගි ජන බලවේගය කියන්නේ සැබෑ එක්සත් ජාතික පක්ෂයයි. ඉතා සුළු පිරිසක් හැර එජාපයේ අනෙකුත් සියලු දෙනා දැන් ඉන්නේ සමගි ජන බලවේගයත් එක්කයි. ඒ නිසා මුළු ලංකාවෙන් වගේම මහනුවර දිස්ත්‍රික්කයෙනුත් වැඩි ආසන ගණනක් සමගි ජන බලවේගය ලබාගන්නවා. මේ මැතිවරණයේදී අපට තරඟය තියෙන්නේ පොහොට්ටුවත් එක්ක විතරයි.වෙනත් කිසිදු පක්ෂයක් අපට අභියෝගයක් වෙන්නේ නෑ . අද සමගි ජනබලවේගය වටා එක් වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨයන් පිරිසයි. මහනුවර දිස්ත්‍රික්කය ගත්තොත් හිටපු අමාත්‍යවරුන් හතර දෙනෙකුම ඉන්නවා.ඒ වගේම අනෙක් දිස්ත්‍රික්ක ගත්තහමත් අපගේ ලැයිස්තුවේ හිටපු කැබිනට් අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් වගේම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා.ඔවුන්ට දේශපාලනයේ විශාල පළපුරුද්දක් අත්දැකීමක් තියෙනවා. ඒ සියල්ල සමඟ සසඳා බැලීමේදී අපට පොහොට්ටුව හැර වෙනත් කිසිදු පක්ෂයක අභියෝගයක් වන්නේ නැහැ.
අපි මේ මැතිවරණ ව්‍යපාරය ඉතාමත් සැලසුම් සහතව දියත් කර ගෙන යනවා. ඒ වගේම වර්තමානයේ තියෙන මේ කොවිඩ් වෛරස් වසංගතය නිසා සෞඛ්‍ය අංශවල උපදෙස්වලට සහ නිර්දේශවලට අනුව අපට මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන්න තියෙනවා. ජනතාව සමගි ජන බලවේගයට තමන්ගේ ඡන්දය ලබා දෙන්න ඉතාමත් කැමැත්තෙන් ඉන්න බව අපට පෙනී යනවා ඒ නිසා මේ මැතිවරණයේදී සමගි ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා ස්ථිර බවද හලීම් මහතා මෙහිදී කීය.
මොහොමඩ් ආසික්