නිමලරාජන් ඝාතන නඩුව අවසන්. විත්තිකරුවන් නිදහස්
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඊ.පී.ඩී.පී සාමාජිකයන් 06 දෙනෙකු නිදහස් කිරීමට ඉකුත් 05 වැනිදා යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
යාපනය කොලුම්පුතුරෛ පාරේ පිහිටි නිමලරාජන් ගේ නිවෙසට කඩා වැදුණු පිරිසක් ඔහුට වෙඩි තබා ඝාතනය කර නිවෙසට බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කර තිබුණේ 2000 වසරේ ඔක්තොම්බර් 19 වෙනිදා රාත්‍රියේ ය.
සිදුවීමට සම්බන්ධ බවට සැක කර 11 දෙනෙකු මුලින් අත්අඩංගුවට ගත් අතර පස් දෙනෙකු නිදහස් විය. ඉතිරි විත්තිකරුවන් 06 දෙනා ඊ.පී.ඩී.පී සාමාජිකයන් ලෙස හඳුනාගෙන තිබූ අතර නඩුව වසර විස්සක් තිස්සේ විභාග විය. නීතිපති උපදෙස් මත නඩුව අවසන් කරන ලද්දේ ඔවුන් නිදහස් කිරීමත් සමගය.