නිදහස සොයා

විසිවසක් වැඩිමහලු කතක් සමග නව දිවියක් ඇරඹීම සඳහා
ගමෙන් පිටව ගිය තරුණයෙකු නිමිත්ත වේ.

පෙම්වතා ගල් ඉලන්දාරිය
පෙම්වතී මැදිවිය පැනපු හැඩකාරිය
දඬු වැටෙන් දෙපස දෙන්නාගෙ වාසය
මධු මල් නැඟුණි ආරා මායා රාජධානිය

වල් ලී කපපු දවසක අතු පැලේ වහලෙට
ඇඹරුණා අතක් කටු කෑල දෙබලට
තෙල් ඉළුවෙ එදා හිඳ ඈ ඔහුගෙ වමතට
කිති කැවුණි නහර වැල් විඳ නුහුරු පහසට

ඈ අතින් ඇවිළ වූ රුදාවේ හිලව්වට
බටු තෙල් ය ගැල්ලුවේ ඇගෙ හන්දිපත් මත
නාඹර ඇඟිලි තුඩු දිවෙන විට මතකයේ දුර ඈතට
දාව ගිය බමර මල් යාය ආයෙත් පීදිණ

කන්දෙ හැදු මන්දිරේ සඟවන්න බැරි විණ
සනුහරේ නෑයින්ට කාරණේ හෙළි විණ
හුදෙකලා කර දමා ගුප්ත මායා වාසය
තෙමුණු තටු බර වුණත් දෙන්න ඈතට ඉගිළිණ

-ටිම්රාන් කීර්ති-

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *