නැගෙනහිර හඬ සංවිධානයෙන් ලේ පරිත්‍යාගයක්
ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ
ත්‍රිකුණාමල මහා රෝහලේ ලේ බැංකුවේ රුධිර සංචිත හිඟ විම නිසා කල ඉල්ලිමකට අනුව තම සංවිධානයේ සාමාජිකයන් රුධිරය පරිත්‍යාග කිරිමේ පිංකමක් සිදුකල බව නැගෙනහිර ජනතා හඩ කැදවුම්කරු අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.
මේ අනුව තම සංවිධානයේ ක්රියාකාරිකයන් ත්‍රිකුණාමල මහා රෝහලට පැමිණ මෙලෙස රුධිර පරිත්‍යාගකල බව කැදවුම්කරු අරුණ් හේමචන්ද්‍ර මහතා පැවැසීය. පසුගිය කාල වලදි ද ත්‍රිකුණාමල ලේ බැංකුවේ රුධිර අවශ්‍යතා සැපයීමට තම සංවිධානය කටයතු කර ඇති බව කී කැදවුම්කරු ඉදිරියටත් එම අවශ්‍යතා සපුරණ බවද පැවැසීය.