නැගෙනහිර ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් අම්පාර ප්‍රාදේශීය ලේකම්ට වැඳ සමාව ඉල්ලයි.

 නැගෙනහිර ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් අම්පාර  ප්‍රාදේශීය ලේකම්ට වැඳ සමාව ඉල්ලයි.

නැගෙනහිර ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම්, නැගෙනහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයේ සභාපති අම්පාර නගර සභාවේ නාගරික මන්ත්‍රි , චාමර නිලංක විසින් අම්පාර ප්‍රාදේශිය ලේකම් වරයාට සහ එහි කාර්ය මණ්ඩලයට බැණ වැදීම පිළිබඳව අම්පාර පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව නාගරික මන්ත්‍රීවරයා අම්පාර ප්‍රාදේශිය මහ ලේකම් සොයිසා සිරිවර්ධන මහතාට වැඳ සමාව ගෙන ඇත.

නාගරික මන්ත්‍රීවරයා වැඳ වැටී සමාව ගැනීමට ආවේ සුහදගම සීලරතන හිමි කැටුවය.

පසුගිය 29 වෙනි දින අම්පාර නවගම්පුර ගම්මානයේ අනවසර ඉඩම් ඉවත් කිරීමට ප්‍රාදේශිය ලේකම්වරයා ගේ උපදෙස් මත අම්පාර නගර සභාව විසින් කටයුතු කල අතර එයට උරණ වු නාගරික මන්ත්‍රීවරයා අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුළට පැමිණ ප්‍රාදේශිය ලේකම්වරයාට සහ එහි කාර්ය මණ්ඩලයට බැණ වැදීම නිසා ප්‍රාදේශිය ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය රාජකාරියෙන් ඉවත්වීමට තීරණය කළහ.

ඉන්පසුව අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයා විසින් මෙම සිදුවීම පිළිබඳව අම්පාර පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. පසුව අම්පාර පොලීසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන අතරතුර අම්පාර මණ්ඩල මහා විහාරාධිපති සුහදගම සීලරතන හිමියන් අවස්ථා කිහිපයකදි පැමිණ ප්‍රාදේශීය ලේකම්වරයාට බැගෑපත්වි නාගරික මන්ත්‍රිවරයාට සමාව ගැනිමට අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිට ඇත.

ඒ අනුව ඉකුත් 03 වෙනි දින සවස අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට සුහදගම සීලරතන හිමියන් සමඟ පැමිණි නාගරික මන්ත්‍රි චාමර නිලංග තමන්ට වැඳ සමාව ගත් බව අම්පාර ප්‍රාදේශිය ලේකම් සොයිසා සිරිවර්ධන මහතා පැවසිය.

නමුත් පොලීසියට කරන ලද පැමිණිල්ලේ කටයුතු විභාග කෙරෙනු ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරයා සුහදගම සිලරතන හිමියන්ට සහ නාගරික මන්ත්‍රි චාමර නිලංකට පවසා තිබේ.
පසුව තුන්වෙනි දින රාත්‍රි නැගෙනහිර ආණ්ඩුකාරතුමිය දුරකථනයෙන් තමන් අමතා මෙම පැමිණිල්ල මෙතනින් අවසන් කර දමන ලෙසට කරන ලද ඉල්ලීම අනුව මන්ත්‍රීවරයාට දැඩි ලෙස අවවාද කර සමාදන වීමට තමන් එකඟ වු බව අම්පාර ප්‍රාදේශිය ලේකම් සොයිසා සිරිවර්ධන මහතා සඳහන් කළේය.

අම්පාර – ධනුෂ්කා දිල්හානි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *