“නැගෙනහිර ආණ්ඩුකාරවරිය ආණ්ඩුව කනවා” – විමලවීර කියයි

 “නැගෙනහිර ආණ්ඩුකාරවරිය ආණ්ඩුව කනවා” – විමලවීර කියයි

2015 දී රාජපක්ෂ රෙජිමය ගෙදර යැවිය යුතු බව කියමින් රාජපක්ෂ පාලනය අවසන් කිරීමට ක්‍රියා කළ ඇතමුන් නැවත පස්සා දොරින් ආණ්ඩුවට රිංගා ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අම්පාරේ පැවති මාධ්‍ය හමුවකදී අද (17) පැවසුවා. වත්මන් නැගෙනහිර ආණ්ඩුකාරවරියද එවැනි චරිතයක් බවයි ඇමති විමලවීර දිසානායක පෙන්වා දුන්නේ. මෙම මාධ්‍ය හමුවේදී ඇමතිවරයා පැවසුවේ නැගෙනහිර ආණ්ඩුකාරවරිය පක්ෂය බලයට පත්කිරීම උදෙසා කැපවුණු පිරිසට ඇහුම්කන් නොදෙමින් අත්තනෝමතිකව කටයුතු කිරීම නිසා පාක්ෂිකයින් විශාල ලෙස කළකිරී සිටින බවයි. ඇය නැගෙනහිර පළාත් සභාවේ තනතුරු ලබා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට වැඩකළ පිරිසකට සහ රාජපක්ෂවරුන් දඬුකඳේ ගැසිය යුතු බව පැවසූ දෙමළ ජාතික සන්ධානයේ ඇතමුන්ට බව ඇමතිවරයා පවසනවා. මේ තත්ත්වය පාක්ෂිකයින්ගේ අමනාපයට හේතු විය හැකි නිසා ඇගේ ක්‍රියාපිළිවෙත හෙලා දකිමින් විරෝධය දක්වන බව ඔහු පවසනවා. ආණ්ඩුකාරවරිය කිසියම් බළල් අතක් ලෙස ක්‍රියා කරන්නේද යන සැකය තමන්ට ඇති බවත් ඇමති විමලවීර දිසානායක පෙන්වා දෙනවා.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *