නැගෙනහිරින් රට පනින්න හැදු පුද්ගලයන් රැසක් අල්ලයි

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ 

නිති විරෝධි ලෙස මුහුදු මගින් විදේශ රටකට ඇතුලුවිම සදහා බහුදින ධිවර යාත්‍රාවකින් ගමන් කරමින් සිටි 19 දෙනෙකු මඩකලපුව මුහුදු තිරයේදි අත්අඩංගුවට ගත් නාවික හමුදාව එම පිරිස අද (19) වැඩිදුර පරික්ෂණ සදහා ත්‍රිකුණාමල වරාය පොලිසිය වෙත භාරදෙනු ලැබිය.

අත් අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 17 ක් එක් කාන්තාවක් හා එක් කුඩා දරුවෙකු සිටින අතර ජාවාරම මෙහෙයවු ජාවාරම්කරුවන් දෙදෙනා ද මේ අතර සිටින බව නාවික හමුදාව කියයි.

මේ අතර මෙම බහුදින ධිවර යාත්‍රාවට විදේශ රටට යෑම සදහා කලවන්චිකුඩි පොලිස් වසමට අයත් ධර්මපුරම් හා පුදුකුඩිඉරිප්පු සිටි තවත් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් නාවික හමුදාව එම පිරිස අද (19)වැඩිදුර පරික්ෂණ සදහා කලවංචිකුඩි පොලිසියට භාරදි තිබේ.

එම පිරිස අතර පිරිමි පුද්ගලයන් 17 ක් හා කාන්තාවන් හතරදෙනෙකු සිටිති. මෙම වෙරල තිරයන්හි තිබි පිටත එන්ජින් සවිකරන බෝට්ටු දෙකක්ද අත්අඩංගුව ගනු ලැබුහ. නාවික නෞකා කාශ්‍යප කදවුරේ නාවිකයන් පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් විශේෂ කාර්යාංශය එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබුණි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.