නාවික හමුදාවෙන් තවදුරටත් නිරෝධායන අතහිත

 නාවික හමුදාවෙන් තවදුරටත් නිරෝධායන අතහිත

ශ්‍රී ලංකා නාවික හමුදාව මිහින්තලය සහ ඔයාමඩුව යන ප්‍රදේශයන්හි තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කෙරේ.

නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 29 වන දින මිහින්තලය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිවාඩු නිකේතනයන්හි නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් (02) ලෙස ස්ථාපිත කරන ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මිහින්තලය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයන් දෙකක් (02) නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කරන ලද අතර, ඒ අනුව මිහින්තලය නිරෝධායන මධ්‍යස්ථානය තුල පුද්ගලයින් 100 දෙනෙකුටත් ඔයාමඩුව නිරෝධායන මධ්‍යස්ථානය තුල පුද්ගලයින් 24 දෙනෙකුටත් නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත.

තවද, මෙම නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයින් හට අවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, අන්තර්ජාල පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, ආදී සියළු පහසුකම් ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇති අතර, නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂ්‍යදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමටද අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *