නාවික සෙබළුන් 30කට කොරෝනා හමුදාපති කියයි.

 නාවික සෙබළුන් 30කට කොරෝනා හමුදාපති කියයි.

වැලිසර නාවික හමුදා කඳවුර වසා දමා තිබියදී මේ වනවිට නාවික නිලයන් 30කට වෛරසය ආසාදනය වී ඇතියි යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු ඇසුරු කළ සුදුවැල්ල ප්‍රදේශයේ කොරෝනා අසාදිත යැයි සැක කළ පිරිස් සෙවීමේ මෙහෙයුමේදී සෙබලුන්ට වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැක කරනවා. පසුගියදා පොළොන්නරුවෙන් වාර්තා වූ රෝගියාද නාවික සෙබළෙක්. ඒ අතර වැලිසර කඳවුරේ සේවය කළ නාවිකයන් නැවත කඳවුර වෙත කැඳවා ගෙන නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. අද උදෑසන අම්පාර නගරයේ තාවකාලිකව ඇඳිරි නීතිය පනවන ලද්දේත් නිවාඩු ගොස් සිටි නාවිකයින් නැවත කැඳවා ගැනීම සඳහා බවයි වාර්තා වෙන්නේ.

යුධ හමුදාපතිවරයාගේ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව මෙතැනින්

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *