නාවික සෙබළුන් දෙදෙනකු පි.සි.ආර්. (PCR ) පරික්ෂණ සදහා රත්නපුර මහ රෝහලට

 නාවික සෙබළුන් දෙදෙනකු පි.සි.ආර්. (PCR ) පරික්ෂණ සදහා රත්නපුර මහ රෝහලට

නලින්ද සම්පත්

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර නිවාඩු පැමිණි, ස්වයං නිරෝධායනයට ලක් කර සිටි නාවික හමුදා සෙබළුන් දෙදෙනකු පි.සී.ආර්. (PCR) පරික්ෂණය සඳහා අද (23) රාත්‍රියේ රත්නපුර මහ රෝහල වෙත රැගෙන ආ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහූ පවසති.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු සහ රක්වාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි නාවික හමුදා සෙබළෙකු මෙලෙස PCR පරික්ෂණය සදහා රත්නපුර මහා රෝහල වෙත යොමුකර ඇත. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළා ඊයේ (22) දා සිට ස්වයං නිරෝධනයට යොමු කර ඇති අයෙකු වන අතර රක්වාන ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළා අද (23) දා ස්වයං නිරෝධනයට ලක් කල අයෙකු බව අදාල බල ප්‍රදේශවල සෞඛ්‍ය අංශ පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *