නාවලපිටිය නගරය අද වසයි

නිවාඩු ලැබ පැමිණි නාවලපිටියේ පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ්- 19 වෛසරය ආසාධනය වි ඇති බවට තහවුරු විමත් සමග නාවලපිටිය නගරයේ වෙළෙඳ සැල් අද(29) දින වසා දැමීමට කටයුතු කළ බව නාවලපිටිය වෙළෙඳ සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පවසයි. නාවලපිටිය පොලිසිය සමඟ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් ඊයේ (28)කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව ඒ මහතා කීය.
නාවලපිටිය නගරයේ වෙළෙඳ සැල් හතරකට වෛරසය අසාධනය වූ නාවික සෙබළා පැමිණ තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. නාවලපිටිය දෙකිඳ අලුත්ගම සහ ගොන්දෙන්නා යන ප්‍රදේශවල පදිංචිව සිට ඇති වෛරසය ආසාධනයවූ නාවික සෙබළුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර තිබේ.
එම ගම්මාන දෙකේ පවුල් 8කට අයත් සමාජිකයන් 34 දෙනෙකු යුධ හමුදාව විසින් මිහින්තලේ නාවික හමුදා නිරෝධාන මධ්‍යස්ථානයට හා වවුනියාව පොම්පෙයිමඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත. එම ගම්මාන දෙකේ පවුල් 13 කට අයත් සමාජිකයන් 40 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.වෛරසය අසාධනයවූ එක් නාවික හමුදා සෙබලෙකු පැමිණියේ යැයි කියන වෙළෙඳ සැල් හතරක් දින 14 ක කාලයක් සඳහා වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.