නාවලපිටියේ කනත්තක් බේරා ගැනීමට ඇඳිරි නීතිය නොතකා ජනයා රැස් වේ.

 නාවලපිටියේ කනත්තක් බේරා ගැනීමට ඇඳිරි නීතිය නොතකා ජනයා රැස් වේ.

ඇඳිරි නීතිය පනවා තිබියදී කිසියම් පුද්ගලයෙකු නාවලපිටිය ඉඹුල්පිටිය පොදු සුසාන භූමියේ කොටසක් එළිපෙහෙළි කර වගා කිරීමට යන බවට ලද තොරතුරක් හේතුවෙන් ඇඳිරි නීතියද නොතකා අද (07) සුසාන භූමියට එක්රැස්වූ ගම්වාසීන් විසුරුවා හැරීමට නාවලපිටිය පොලීසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.
අක්කර හතරක පමණ වපරිසයක් ඇති ඉඹුල්පිටිය පොදු සුසාන භූමියේ කොටසක සිටවා තිබූ කෙසෙල් ගස් කිහිපයක් ගලවා ඉවත් කිරීමටද ප්‍රදේශවාසීන් පියවර ගෙන ඇත.
ගම්වාසීන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කනත්තේ වගාවන් ජනයා අතින් විනාශ කෙරේ.

ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් පොදු සුසාන භූමියට රැස්වූ ගම්වාසීන් ආපසු හරවා යැවීමටත් අනවසරෙන් පොදු සුසාන භූමියේ කොටසක වගා කිරීමට තැත් කළ පුද්ගලයන්ට යළිත් එවැන්නක් සිදු නොකරන ලෙස අවවාද කිරීමටත් පොලීසිය පියවර ගෙන ඇත

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *