නාය අවදානම නිසා පෙටිටිගල වතුයායේ 330 ක් ඉවත් කෙරේ.
නන්දන සමිපත්
නාය යෑමෙි අවදානම් තත්ත්වය හේතුවෙන් බලංගොඩ පෙටිටිගල වතුයායේ ජීවත්වන වතු කමිකරු පවුල් සියයකට ආසන්න සංඛ්‍යාවකට අයත් සාමාජිකයින් 330 දෙනෙකු බලන්ගොඩ පෙටිටිගල දෙමළ විදුහලේ තාවකාලික නතර කිරීමට අද (20) කටයුතු කළ බව බලංගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවැසීය.
වතු කමිකරු ජනතාව පදිංචිව සිටින ලයින් නිවාස පේළියකට ඉහළින් ගලා ආ ජල පහරක් හේතුවෙන් ඒවා නාය යැමේ අවදානමට ලක්ව තිබෙන බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය. බලංගොඩ ප්‍රදේශයට පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් මෙලෙස අවදානම් සහගත ජල ප්‍රවාහයක් ගලාවිත් තිබේ.
පෙටිටිගල දෙමළ විදුහලේ තාවකාලිකව නතර කළ ජනතාවට බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය සභාවෙි සභාපති සුනිල් ප්‍රේමසිරි මහතාගේ ද සහය ඇතිව වියළි ආහාර ලබාදීමට කටයුතු සළසා ඇත.
ඒ අතර බලංගොඩ යද්දෙහිකන්ද ප්‍රදේශයේ පදිංචි පවුල් 13 ක සාමාජිකයන්ද යද්දෙහිකන්ද කෝවිලට සහ විහාරස්ථානයට යොමු කළ බව ප්‍රාදේශීය ලේකම් එචි.එමි.හේමන්ත බණ්ඩාර මහතා පවසයි.