ධීවර බෝට්ටුවක් අතුරුදහන් වී අවුරුද්දයි, මොකද වුණේ? බලධාරීන් සතුව නිසි පිළිතුරු නෑ

ඉන්දියාවෙන් පිටත්ව පුද්ගලයින් 240 කට වැඩි පිරිසක් රැගෙන නවසීලන්තය බලා පිටත් වූ බව විශ්වාස කෙරෙන ධීවර බෝට්ටුවක් අතුරුදහන් වී වසරකට පසුවත්, එයට සිදුවූ දෙය පිළිබඳ පොලීසිය සහ බලධාරීන් සතුව නිසි පිළිතුරක් නැති බව වාර්තා වේ.
අදේවාමා නමින් හැඳින්වෙන මෙම නෞකාව 2019 ජනවාරි 12 වන දින දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වරායකින් පිටත් ව ගොස් ඇත.
බෝට්ටුව අතුරුදහන් වී පළමු සංවත්සරය ගෙවෙන මේ සතියේ ඉන්දියා පොලිසිය තහවුරු කළේ කේරළයේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සඳහා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙත යවන බව ය.”කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මධ්‍යම රජයෙන් අවසරයක් ලැබෙන තෙක් අපි බලා සිටිමු” යැයි විමර්ශනය භාරව සිටින කේ. කාර්තික් පැවසීය.
2019 ජනවාරි 22 වන දින සීසීටීවී දර්ශනවලින් තොරතුරු ලබාගත් කේරළ පොලිසිය පවසන්නේ ඉන්දියානුවන් 100 කට වැඩි ප්‍රමාණයක් නවසීලන්තයට නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීම සඳහා බෝට්ටුව භාවිත කර ඇති බවයි.
අතුරුදහන් වූ බෝට්ටුව පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ඉන්දියාවේ පොලීසිය ඕස්ට්‍රේලියාවේ පොලීසිය හා වෙනත් රටවල බලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බව පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ලොක්නාත් බෙහෙරා උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.