ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්
උනාල් පුතා නම් බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයෙකු පසුගිය (22) වන දා සිට අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ඔහු බෝට්ටුවෙන් මුහුදට වැටී ඇත.
බෝපගේ දමිත් කුමාර නමැති හික්කඩුව ඇලපාර පදිංචි 42 හැවිරිදි ඔහු තවත් ධීවරයන් හය දෙනෙකු සමග මුහුදු ගොස් ඇත. පෙරේදා රාත්‍රී 8.30ට පමණ ශරීර කෘත්‍යය සඳහා බෝට්ටුවේ පසෙකට ගිය අවස්ථාවේ ඔහු මුහුදට වැටී නොපෙනී ගිය බව සෙසු ධීවරයන් පවසා ඇත.
සිදුවීම නාවික හමුදාවට හා පොලීසියට දන්වා තමන් නැවත ගොඩබිමට පැමිණි බවද ඔවුහු පවසති.