ධීවරයින්ට තහංචියක් නැහැ. ප්‍රංශයට යාගත නොහැකි වූ යුවල ඇල්ලේ කූඩාරමක.

 ධීවරයින්ට තහංචියක් නැහැ. ප්‍රංශයට යාගත නොහැකි වූ යුවල ඇල්ලේ කූඩාරමක.

ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේ මසුන් ඇල්ලීම සඳහා ගමන් කිරීමට ධීවර ජනතාවට අවසර ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවා. ඒ හිඟයකින් තොරව මත්ස්‍ය ආහාර සම්පාදනය⁣ට සහ ධීවර කර්මාන්තය අඛණ්ඩව සිදු කිරීම සඳහා. මීට පෙර රජය නිවේදනය කළේ ගොවිතැන් කටයුතු සඳහා යාමට ද ජනයාට අවසර ඇති බවයි. එසේ නමුත් දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කර තිබෙනවා.

මේ වනවිට කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 108ක් සහ පූනානි මධ්‍යස්ථානයෙන් 203ක් ලෙස නිරෝධායනයට ලක්ව සිටි 311ක පිරිසක් දින 14ක නිරෝධායන කාලය නිමා වී නීරෝගී බව තහවුරු වීම නිසා නිවෙස්වලට යැවූ බව අද රජය නිවේදනය කළා.

ඒ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවතක දැක්වුණේ ප්‍රංශයේ සිට පැමිණි යුවලක් ගුවන් ගමන් තහනම නිසා සහ සංචරණ තහනම නිසා නැවත යාගත නොහැකිව ඇල්ල ප්‍රදේශයේ කූඩාරම් ගතව ජීවත් වන බවයි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *