දේශීය පොල්තෙල්වල ප්‍රමිතිය සොයා බැලීමට ක්‍රමවේදයක් අවැසියි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ
පොල්තෙල් නිෂ්පාදනයේ දී මිනිස් ශරීරයට අහිතකර ඇෆ්ලටොක්සීන් සහ වෙනත් අහිතකර සංඝටක අඩංගු විය හැකි හෙයින් දේශීය නිෂ්පාදනය කෙරෙන පොල්තෙල් වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ක්‍රමවේදයක් සකසන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ඒම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ නිවේදනයක් නිකුත් කරමින් කියි සිටින්නේ ශ්‍රී ලංකාවේ පොල්තෙල් අවශ්‍යතාවයෙන් 10% ක පමන ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුල පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් විසින් නිපදවන බවත් නමුත් ඒසේ නිපදවන පොල් තෙල් වල ප්‍රමිතිය පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදුනොකිරිම බරපතල තත්වයක් බවයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රංජිත් විතානගේ මහතා මෙසේ පවසයි. සාමාන්‍ය ආහාර නිෂ්පාදනයේ දි ඒහි ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂා කිරීම අනිවාර්යෙන්ම සිදුකරනු ලැබේ ප්‍රමිති පරීක්ෂාවකින් තොරව කිසිදු ආහාරයක් රටතුලට ආනයනය කිරීමට නොහැකි වන සේ නීති සැදීමට ලෝකයේ සෑම රටක්ම කටයුතු කර ඇත. ඒ් අනුව ශ්‍රී ලංකාවද මෙරටට ආනයනය කරනු ලබන පොල්තෙල් වල ප්‍රමිතිය අවස්ථා කිහිපයකදීම පරික්ෂා කරනු ලබයි. ඒ් පොල්තෙල් නිෂ්පාදන ක්‍රියාවලියේ දී මිනිස් සිරුරට අහිතකර ඇෆ්ලටොක්සින් සහ වෙනත් අහිතකර සංඝටක පොල්තෙල් වල අඩංගු විය හැකි බැවිනි.
ඒසේ තිබියදි දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් වල ප්‍රමිතිය සොයා නොබැලීම මෙරට පොල්තෙල් පාරිභෝගිකයන්ට කරනු ලබන දැඩි අසාධාරණයකි. සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ දී වුවද ප්‍රමිතිය සොයා බලද්දි මිනිස් පරිභෝජනය සඳහා පොල්තෙල් නිෂ්පාදනය කිරීමේ දී ඒහි ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීමට කටයුතු නොකිරීම පාරිභෝගික අයිතිය කඩ කිරීමකි. ඒබැවින් දේශීයව නිෂ්පාදනය කෙරෙන පොල්තෙල් වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ක්‍රමවේදයක් වහාම සැකසීමට ආණ්ඩුව කටයුතු කල යුතුයි.