දේශපාලඥයින්ට, නිලධාරින්ට කොතෙක් කිව්වත් වැඩක් වුණේ නෑ . කටුගස්තොට – පහළ කොණ්ඩදෙණිය මාර්ගය නිතර ජලයෙන් යටවීමෙන් අපට යන එන මං නැති වෙලාජනතාවගෙන් චෝදනා

මහනුවර   මොහොමඩ්  ආසික්

මධ්‍යම කඳුකරයට  නිතර ඇද හැළෙන අධික වර්ෂාවත් සමඟ කටුගස්තොට පහල කොණ්ඩ‍දෙණිය  ප්‍රධාන මාර්ගයේ  ඩිංගිරියාදෙණිය  ප්‍රදේශයෙන් ගලා යන ප්‍රධාන ඇළ ඇමුණේපිටිය පාලමෙන්  පිටාර ගැලීම නිසා පහළ කොණ්ඩදෙණිය  මාර්ගය  නිතර ජලයෙන් යටවීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින  බව ප්‍රකාශ කරති.

මෙම මාර්ගයේ  පාලමක්  වෙනුවට කුඩා බෝක්කු  බට තුනක් යොදා  බෝක්කුවක් සාදා තිබීම නිසාත්  වැසි දිනවල අධික ජල ප්‍රමාණයක්  ඇළෙන් ගලා ඒම නිසාත්  බෝක්කු කටවල දැව කඳන් ඇතුළු අපද්‍රව්‍ය  සිරවීම නිසා ඇළ  පිටාර ගලා  මෙලෙස මාර්ගය  ජලයෙන් යටවීම  සිදුවන බව ප්‍රදේශවාසීහු  කියති.

මෙම බොක්කුව ඉවත් කර ඒ  වෙනුවට මෙම ස්ථානයට සුදුසු  පාලමක් සකස් කර දෙන ලෙස දේශපාලඤයින් ඇතුළු වග කිව යුතු නිලධාරින්ගෙන් කොතෙක් ඉල්ලීම් කළත් ඒ කිසිවක් ඉටු වී නොමැති බවත් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවත් ඔවුහූ කියති.

මෙම මාර්ගය  රත්මලේ ,ඉනිගල,, ඩිංගිරියාදෙණිය , අමුණේපිටිය , පොල්වත්ත,  යන ගම්වගපදිංචි පවුල් දහස් ගණනක් මෙම මාර්ගය භාවිතා කරන බවත් මාර්ගය නිරත්තරායෙන් ජලයෙන්  යටවීමට ලක්වන නිසා තමන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ  දෙන බවත්  ඔවුහූ  කීහ.

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඊයේ 11 වනදාද මෙම මාර්ගය ටව තිබූ අතර  එම  බෝක්කුව අසලම පදිංචිව සිටින ඊ.ජී. කරුණාරත්න මහතා සඳහන් කළේ මෙලෙස ඇළේ  ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් තම නිවසද ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බවයි. ඔහු තව දුරටත් මෙසේද කිය.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට සහ බලධාරින්ට  කොයිතරම් ලියුම් දුන්නත්  කිසිදු පිළිතුරක් ලැබී නෑ. අපි ඉල්ලන්නේ  මේ  බෝක්කුව  ඉවත් කරලා පාලමක් හදා දෙන ලෙසයි. මගේ ගේ ළඟටම දැන් ඇළ ඇවිල්ලයි තියෙන්නේ. වහින වහින ගානට   ඉවුර හෝදා ගෙන යනවා. අපේ ගේ ළඟටම දැන් ඉවුර ඇවිල්ලා. මේ මාර්ගයේ ගම් රැසක ජනතාව ගමන් කරනවා. වැසි දිනවල ඔවුන්ට යන්න එන්න විදිහතුක් නෑ යැයිද කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *