දෙනුවර මැණිකේ දිනපතා බදුල්ලට

 දෙනුවර මැණිකේ දිනපතා බදුල්ලට

කොළඹ කොටුව සහ  බදුල්ල අතර දිනක් හැර දිනක් ධාවනය කෙරෙන දෙනුවර මැණිකේ දුම්රිය පෙබරවාරී මස 02 දින සිට දිනපතා ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ.

කොළඹ කොටුවෙන් පෙරවරු 6.45 ට ගමන් ආරම්භ කරන මෙම දුම්රිය පස්වරු 3.27 ට බදුල්ලට ළඟා වීමට නියමිතය.බදුල්ලෙන් පෙරවරු 7.30 ට පිටත්වන දුම්රිය කොළඹ කොටුවට ළඟා වීමට නියමිතව ඇත්තේ පස්වරු 4.00 ට ය.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පෙරේදා (18) දෙනුවර මැණිකේ දුම්රිය ගමන් ගත් අවස්ථාව‍ෙහි එහි  අඩුපාඩු සොයා බැලීමේ අරමුණින් දුම්රිය ගමනට එක්වූ දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක මහතා හැටන් දුම්රිය ස්ථානයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම තොරතුරු අනාවරණය කළේය.  

ගුණාත්මක දුම්රිය ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම පිණිස අවශ්‍ය පියවර රැසක් ගෙන තිබෙන බවත් නව තාක්ෂණය යොදා ගනිමින් කටුනායක ගුවන් තොටුපොළේ සිට දුම්රිය ප්‍රවේශපත්‍ර දෙස් විදෙස් සංචාරකයින්ට ලබා ගැනීමට අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *