දෙන්න දෙපැත්තට ඇදලා රටක් දියුණු කරන්න බැහැ – මහින්ද රාජපක්ෂ
සම්පත් ප්‍රියනන්දන
“ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති රකින, ප්‍රතිපත්ති අනුගමනය කරන, ඒවා ක්‍රියාත්මක කරන්න බැඳී ඉන්න දේශපාලන පක්ෂයක් තමයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි බලයට පත්කර ගත යුත්තේ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පෙරේදා (25) දා පැවැති ජන රැලියකට එක්වෙමිණි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
“පාර්ලිමේන්තුව එක් පක්ෂයකත් ජනාධිපතිවරයා තවත් පක්ෂයකත් සිටීම හේතුවෙන් ගැටුමක් ඇති වෙනවා පමණක් නොවෙයි එයා කියන දේ මෙයා කරන්නේ නැහැ. මෙයා කියන දේ් එයා කරන්නේ නැහැ. ඒ තුළින් රටට වැඩක් වෙන්නේ නැහැ.
නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වරයා කලා වගේ දැන් අපිට තියෙන්නේ අගෝස්තු පස් වැනිදා පාර්ලිමේන්තුව එතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂයකට ලබා දෙන්න. එතකොට විතරයි රටේ අනාගතය වෙනුවෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ. රටට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුල රටට වැඩක් කෙරුණේ නැහැ.අවුරුදු 30 කට වැඩි කාලයක් මේ රටෙි තිබුණ යුද්ධය අපි 2005 බලයට ඇවිල්ල අවසන් කලා. අපි එදා කාපට් පාරක් දැක්කේ කොළඹ කිටිටුවට ආපුවාම. අද අපේ් හැම ගමකම කාපට් පාරක් තියෙනවා. කාපට් පාරක් නැති ගමක් නැහැ. ගමක ගමනාගමන පහසුකම් තියෙනවානම්, විදුලිය තියෙනවා නම්, බීමට පිරිසිදු ජලය තිබෙනවානමි ඒ පළාත අනිවාර්යයෙන්ම දියුණු වෙන පළාතක් බවට පත් වෙනවා. මේ හල්දුම්මුල්ල ප්‍රදේශය හැත්තෑ ගණන් වල හරිම පොහොසත් ප්‍රදේශයක් කිවුවොත් වැරදි නැහැ. මේ ප්‍රදේශවල විශාල ආදායම් මාර්ග තිබුණා විශේෂයෙන්ම උක් වගාවෙන්. ඒ යුගය හැත්තැ හතෙන් පස්සේ නැති වෙලා ගියා. දැන් නැවත වාරයක් මේ ප්‍රදේශවල සංවර්ධනයක් ඇති කරලා නැවත වාරයක් ශක්තිමත් ගම්මානයක් බවට, ප්‍රදේශයක් බවට පත් කිරීම තමයි අපි කළ යුතුව තියෙන්නේ. ඒ නිසා රටේ ඒ් පිළිබඳව අවබෝධයක් තියෙන, මේ ගමිමාන ගැන අවබෝධයක් තියෙන, ප්‍රදේශය පිළිබඳව අවබෝධයක් තියෙන පිරිසක් තමයි අපි මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ.
හල්දුම්මුල්ල කියන්නේ නායයෑමිවලට ලක්වෙන ප්‍රදේශයක්. නාය අවදානම් තියන ප්‍රදේශයක්. මේ අවදානමෙන් මේ පළාත බේරගන්න ඕනි කියන එක අපි මතක තියාගත යුතුව තිබෙනවා.නාය අවදානමක් නොමැතිව මේ රට තුළ ජීවත්විමට හැකි විය යුතු බවට අපි විශ්වාස කරනවා.අපි කරගෙන ආපු සියළුම සංවර්ධන වැඩ පිළිවෙලවල් පසුගිය කාලයේ නැති වුණ බව ඔබ දන්නවා. ඒ සංවර්ධන වැඩ සමිපුර්ණයෙන්ම අත හැරලා දැම්ම. පසුගිය අවුරුදු පහත් අරගෙන තමයි අපිට මේ අවුරුදු පහ වැඩ කරන්න වෙන්නේ. පසුගිය අවුරුදු පහේ පාරවල් හැදිල්ල සමිපුර්ණයෙන්ම නැවැත්තුවා. අපි හදපු වරාය විකුණලා දැම්මා. පෝර්ට්සිටිය විකුණලා දැමිමා. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියයි. ඔවුන් බලයට ආපු හැම අවස්ථාවකදිම මේ රටේ සමිපත් විකුණුවා. මේ සම්පත් ටික හැමදාම රැක ගත්තේ අපේ ආණ්ඩුවක් තියන කොට විතරයි. ඒ සම්පත් රැක ගැනිමේ වගකීම අපිට තියෙනවා.
අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. අද එක්සත් ජාතික පක්ෂයේ ඉන්න දෙගොල්ලක් දෙකට බෙදිලා තරඟ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ටික තමයි දෙකට බෙදිලා තියෙන්නේ. අලුත් ඡන්ද යන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය හිතන්නේ නැහැ ආණ්ඩුවක් පිහිටුවන්න. ඔවුන්ගේ සටන සිරිකොත ඇල්ලිමෙි සටන. මම දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා සිරිකොත අල්ලන්න හදනවා. එහෙම අල්ලගත්තොත් අපි උසාවි ගිහිල්ලා බේර ගන්නවා කියලා. මේ තමයි එක්සත් ජාතික පක්ෂයට අත්වෙලා තියන කලදසාව.
අපි වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා. වැඩ කරන්න හොඳ ප්‍රතිපත්තියක් තිබෙනවා. ජනාධිපතිවරයා පත්කර ගන්න හැටනව ලක්ෂයක් ඡන්දේ දුන්නා. අපිත් සමඟ අත්වැල් බැඳ ගන්න. නෙළුම් පොහොට්ටුවට ඡන්දේ දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසිය.