දුව මැරූ තාත්තා එල්ලා මරන්න නියම වෙයි
වයස අවුරුදු තුනහමාරක් වූ තම දියණිය ඝාතනය කළ හතළිස් එක් හැවිරිදි පියෙකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ප්‍රමිල රත්නායක මහතා අද (04)මරණ දඬුවම නියම කළේය. මෙසේ මරණ දඬුවම නියම වූයේ නුවරඑළිය රාගල හල්ග්‍රන්ඔය පදිංචි සෝමසුන්දරම් සුරේෂ් නැමති අයෙකුටය.
වර්ෂ 2014 ඔක්තෝම්බර් මස 24 දින රාත්‍රියේ නිවසේදී අවුරුදු 3 ½ වූ සුරේෂ් ඉන්දියා නැමති සිය දියණියගේ ගෙල සිරකර ඝාතනය කළ බවට මෙම පියාට චෝදනා එල්ලව තිබිණි. චූදිතගේ බිරිඳ කුවේට් රාජ්‍යයේ ගෘහසේවය සදහා 2014 වසරේදි ගොස් තිබේ. එහිදි ඇය ශ්‍රි ලාංකික තරුණයෙකු සමග අනියම් සබඳතාවයක් පවත්වා ගනිමින් චුදිත සහ චුදිතගේ දරුවන්ට නොසලකා හැර ඇත.
මෙම සිදුවීමෙන් උරණ වු චුදිත තම අවු 3 ½ වයසැති දියණියගේ ගෙළ සිරකර ඝාතනය කර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළි විය. රාගල පොලිසිය විසින් ඝාතනය සම්බන්ධයෙන් නුවරඑළිය මහ අධිකරණයේ නඩු පවරා තිබුණි.