දුර වැඩි තරම්
බත් කූරෙකුට බැරි ද
ආදරේ කරන්න
ගිනිකූරු මලකට
ගිනිගන්න සුසුමකට බැරි ද
සින්නක්කරව නවතින්න
හීතල ඇහිපියන් යට
හිත් පෑරෙනා රැයකට බැරිද
නිවා දමන්න සඳ
නෙත් හීරිලා යන්න අනිනව ද
තව තවත් හීන නොදකින්න
ඔය දෙතොල් සිඹින්නට
බැරි තොල්
නිකොටීන් දුමින් පුච්චමි
නවාතැන් දෙනු බැරි නිසා
මේ හද
ඇල්කොහොල් වතුරෙන් නාවමි.
-ළහිරු කිතලගම-