දිළුම්, මහින්දානන්දට වෙඩි තියන්නට හැදුුුුුුුුුුවේ ඇයි? ..

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ සුහද හමුවක් පසුගිය 25 දින මහනුවර මහවැලි රීච් හෝටලයේදී පැවැති අවස්ථාවේ මහින්දානන්ද අළුත්ගමගේ හා දිළුම් අමුණුගම හිටපු මන්ත්‍රීවරු සිදු කරගත් බව කියන ගුටිබැට හුවමාරුව පාලනය කිරීමට සෙසු අපේක්ෂකයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ සියලු අපේක්ෂකයින් මෙම සුහද හමුවට එක්ව සිට ඇත.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරඟාවලිය පාවා දී තිබෙන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් මෙම ගැටුම හටගෙන තිබේ.එම අවස්ථාවේ දිළුම් අමුණුගම මහතා ගිනි අවියක් ගෙන මහින්දානන්දට වෙඩි තැබීමට උත්සාහ ගෙන තිබෙන බවද වාර්තා වෙයි.
මේවන විට මහනුවර දිස්ත්‍රික්කයේ පොහොට්ටු අපේක්ෂකයින් අතර මනාප පොරය උත්සන්න වී තිබෙන අතර එහි ඉදිරියෙන්ම පසුවන්නේ මහින්දානන්ද, කෙහෙලිය, දිළුම් හා ලොහාන්ය.
පසුගිය 2015 මැතිවරණයේදී ලොහාන් රත්වත්තේ මහනුවරින් වැඩිම මනාප ලබා ගත්තේ මහින්දානන්ද දෙවැනි තැනට තල්ලු කරමිනි. පසුගිය 2015 ජනපතිවරණයෙන් පසු දිළුම් අමුණුගම ඍජුවම යහ පාලන ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීම නිසා මේ වන විට දිළුම් අමුණුගමට යම් ජනප්‍රසාදයක් හිමිව තිබේ.
මහනුවර පොහොට්ටු මන්ත්‍රීවරු අතර පවතින තරඟය නිසා පසුගිය ඇමති මණ්ඩල පත් කිරීමේදී මහනුවරට කැබිනට් ඇමැති ධූරයක් නොලැබිණි. එම අවස්ථාවේ කැබිනට් ඇමැති ධූර ලබා ගැනීමට මහින්දානන්ද හා කෙහෙලිය දැඩි තරඟයක නිරත වූ අතර එහි අවසාන ප්‍රතිපලය වූයේ දෙදෙනාටම කැබිනට් ඇමැති ධූර නොලැබීමය.