දළඳා මැදුරේ වෙසක් පෙරහැර චාමෙට

 දළඳා මැදුරේ වෙසක් පෙරහැර චාමෙට

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික වෙසක් පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරුකරමින් අද (07) ඉතා චාම්ව පැවැත්වීමට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පියවර ගත්තේය.ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කුටියේ තැන්පත්කර තිබෙන පෙරහර කරඬුව දළදා තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වන තිබ්බටුවාවේ මේධංකර නාහිමියන් විසින් පිටතට වැඩම කරනු ලැබීය.අනතුරුව දළදා සමිඳුන් වැඩසිටින මාලිගය වටා පෙරහර කරඬුව බෙර හා සක්හඬ මධ්‍යයේ උන්වහන්සේ විසින් තෙවරක් ප්‍රදක්ෂිණා කළහ. සියලු චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව යළිත් පෙරහර කරඬුව වැඩසිටින කුටියේ තැන්පත් කළ අතර මෙම අවස්ථාවට දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද සහභාගි විය.

සෑම වසරකම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර අලි ඇතුන් සහ කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වය ඇතිව වීදී සංචාරය කරනු ලබයි.කොවිඩ්-19 වසංගත තත්ත්වට හේතුවෙන් මෙවර වෙසක් පෙරහර දළදා මාලිගාවේ ශ්‍රී දළදා සමිඳුන් වැඩසිටින කුටිය වටා තෙවරක් ගමන් කර නිමා කිරීමට තීරණය කළබව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.අතීතයේ පිටන් පැවැත එන සියලු චාරිත්‍ර ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ කරමින් මෙවර වෙසක් පෙරහර සංවිධානය කළ බවද ඒ මහතා පැවසුවේය.

පෙරහර කරඬුව දළදා තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වන තිබ්බටුවාවේ මේධංකර නාහිමියන් වැඩම කළ අයුරු. 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *