දයා ගමගේට සමෘද්ධි සල්ලි පිල්ලි අරින්න දුන්නා නම් ජනතාවට සහන නෑ – සමෘද්ධි නිලධාරීහු කියති

යහ පාලන රජය සමයේ සමෘද්ධි ව්‍යාපාරය භාරව කටයුතු කළ දයා ගමගේ ඇමැතිවරයා එවකට සිටි සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාද සම්බන්ධ කරගනිමින් දෙපාර්තුමේන්තුවේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් අවභාවිත කරන්නට සැළසුම් කළ බවත් අධිකරණය මගින් වාරණ නියෝග පවා ලබා ගනිමින් එම මුදල් බේරා ගන්නට වෘත්තීය සංගම් කටයුතු කිරීම නිසා අද කොවිඩ්-19 වසංගතය හමුවේ ජනතාවට සහන සැළසීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව සිදු කිරීමේ හැකියාව ලැබී තිබෙන බවත් සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාලීය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අයි.එම් අබේසිංහ මහතා පවසයි.
එදා යහ පාලන ආණ්ඩුවේ නියෝජිතයින් අනවශ්‍යය ලෙස සේවක බඳවා ගැනීම් සිදුකර සමෘද්ධි බැංකු ව්‍යාපාරය විනාශ කිරීමට උත්සහ කළ බවත් ඊට එරෙහිව මහ පාරට බැස දිවිහිමියෙන් කටයුතු කර බැංකු ව්‍යාපාරයත් සමෘද්ධියේ මුදලුත් රැක ගැනීමේ ප්‍රතිපල අද සමෘද්ධි ප්‍රතිලාභීන් පමණක් නොව සෙසු ජනතාවද අත්විඳින බවත්
ඒ මහතා කීය.
මහනුවරදී අද (18) පැවැති මාධ්‍ය හමුවකදී අබේසිංහ මහතා මේබව ප්‍රකාශ කළේය.
සමෘද්ධි සහනාධාරය ලබන හා ඒ සඳහා සුදුසුකම් ලබා සිටින පවුල් විසිපන් ලක්ෂ හැත්තෑ තුන් දහස් හයසිය හතළිස් හයක් (2573646) කට සමෘද්ධි බැංකු මගින් ඒකරාශි කළ රුපියල් මිලියන 16690 ක මුදලක් බෙදාදී තිබෙන බවද හෙතෙම පැවසුවේය.
මෙම මුදල සමෘද්ධිය ලබන පවුල් 1798293 කට හා සමෘද්ධිය ලබාදිය යුතු බවට හඳුනාගෙන තිබෙන පවුල් අට ලක්ෂයකට ලබාදී තිබෙන බවත් කොවිඩ්-19 අර්බුදයත් සමඟ තාවකාලිකව දෛනික රැකියා අහිමිවූ තවත් පිරිසකට ලබා දීමට සමෘද්ධි දෙපාර්තුමේන්තුවේ මුදල් රුපියල් මිලියන 445 ක් වෙන්කර තිබෙන බවත් ඒ මහතා කීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවේය.ක්ෂේත්‍ර නිලධාරීන් සමඟ එකතු වෙලා අපි චක්‍රලේඛණ නිකුත් වීමටත් පෙර සිටම අපේ රාජකාරිය ඉටු කළා.කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ රටේ අනිකුත් සේවා අඩපණ වෙත්දී සමෘද්ධි දෙපාර්තුමේන්තුව සමෘද්ධි බැංකු මගින් ඒකරාශි කළ අරමුදල් සමෘද්ධි ප්‍රතිලාභීන්ට පමණක් නොව මේ නිසා අර්බුදයට පත් සෙසු ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්ද යෙදවූවා.මේ අර්බුදකාරී වාතාවරණය තුළ රුපියල් 5000.00 ක මුදලක් ලබාදෙන අතරතුර අප්‍රේල් මාසයේ සම්පූර්ණ සහනාධාර මුදල සමෘද්ධි බැංකු මගින් ප්‍රතිලාභීන්ට ලබා දුන්නා.ඒ වෙනුවෙන් රජය මිලියන 3822 ක් මුදලක් ලබා දී තිබුණා.
රට අර්බුදයක තියෙන අවස්ථාවක ග්‍රාම නිලධාරී සංගම් තුනක් එකතු වෙලා හදිසි වැඩ වර්ජනයකට ගියා.තමන් කරන කාර්යය සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් ගෙන් නිසි ඇගයීමක් නැහැ කියලා ඔවුන් කියනවා.කොරෝනා මර්දනය අතින් අපි ලෝකයේම නවවැනි ස්ථානය ලබාගෙන තිබෙනවා.ඒක අපි සියලු දෙනා එක්ව ලද ජයග්‍රහණයක්.ජනපති ගෝඨාභය රාජපක්ෂ,අගමැති මහින්ද රාජපක්ෂ හා ජනතාවට සහන සැළසීමේ කමිටුවේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාව,පොලීසිය,සෞඛ්‍ය අංශ ඇතුළු සියලු කණ්ඩායම් ඒකාබද්ධව කටයුතු කළා.ඒ ඔස්සේ සාර්ථක ප්‍රතිපල ලබමින් තිබියදී ග්‍රාම නිලධාරීන් මෙලෙසෙ එක දවසකට හෝ සේවයෙන් ඉවත්වීම සම්බන්ධව අපි කනගාටු වෙනවා.මේ ඉවත්වීම සාධාරණීකරණය කිරීමට ඔවුන් ඉදිරිපත් කරනු ලබන චෝදනා පදනම් විරහිතයි.
ග්‍රාම නිලධාරීන් පොරාත්තු ලේඛණයට ඇතුළත් කළ ඇතැම් නම් සමෘද්ධි නිලධාරීන් විසින් කපා දැමීමක් කළා කියලා ඔවුන් කියනවා.සමෘද්ධි ක්ෂේත්‍ර නිලධාරීන්ට රුපියල් 1000.00 ක ගමන් වියදමක් ලැබෙනවා.පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට රුපියල් 2000.00 ක් ඒ සඳහා හිමිවෙනවා.ග්‍රාම නිලධාරීන්ට ලැබෙන්නේ රුපියල් 600.00 ක් කියලා ඒ අය ප්‍රශ්නයක් මතු කරනවා.මේක ඇත්තෙන්ම ආයතනික ක්‍රියාවලියක ප්‍රතිපලයක් මිස සමෘද්ධි දෙපාර්තුමේන්තුවෙන් ඇතිකළ ගැටලුවක් නොවෙයි.අධාර මුදල් ලබාදීමේදී පුද්ගල පදිංචිය තහවුරු කරගැනීමට තමයි අපිට ග්‍රාම නිලධාරීන්ගේ සේවය අත්‍යවශ්‍යය වුනේ.ග්‍රාම නිලධාරී වසකම පදිංචිව සිටි අයෙක් පදිංචිය හැරගොස් වෙනත් වසමක පදිංචි වී ඉන්න පුළුවන්.එවැනි අයෙකුට අවශ්‍යය නම් වසම් දෙකකින් මේ ප්‍රතිලාභය ගන්න හැකියාව තිබෙනවා.මේ මුදල් ඉතා ඉක්මනින් ලබාදිය යුතුව තිබෙන නිසා මේ පරීක්ෂා කරගැනීම කළ හැකිව තිබුණේ ග්‍රාම නිලධාරීන්ගේ සහය මතයි.මේබව ඔවුන් තේරුම් ගත යුතුයි.
මේ මුදල් ටික අපි එදා බේරා නොගත්තා නම් අද මොකද වෙන්නේ.දිළිදු ජනතාවට මෙන්ම තාවකාලිකව රැකියා අහිමිවූ අයට අද කුසගින්නේ ලතවෙන්න තමයි සිදුවන්නේ. වෙනත් රටවල ජනතාවට මහපාරේ මැරෙන්න සිදුවෙලා.ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට මුදල් සැපයීම පවා නොකරන තත්ත්වයට පත්වෙලා.මානුෂීය ගුණාංග රැකගෙන අපි වැඩ කරනවා.මොන රජයක් වුනත් මේ මුදල් අයථා ලෙස භාවිත කරන්න උත්සහ කළා නම් අපි ඉතිහාසයේ ඉඳලා ඒකට විරුද්ධ වුණා.සමෘද්ධිය සතු මේ මුදල් ඉදිරි අයවැයක් මගින් යළි අපට ලබා දෙන්න රජය පොරොන්දු වී තිබෙනවා.මේ ව්‍යසන අවස්ථාවේ අපේ ප්‍රධාන අරමුණ විය යුත්තේ රටත් ජනතාවත් බේරා ගැනීමයි.
මෙම අවස්ථාවට සංගමයේ ලේකම් අජිත් බස්නායක,භාණ්ඩාගාරික ආර්.ඩී.කේ සේනාධීර යන මහත්වරුද සහභාගි වූහ.