දප්පුල හමුවේ රවී නීච වෙයිද?

 දප්පුල හමුවේ රවී නීච වෙයිද?

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාලව අපරාධ චෝදනා ගොනු කරමින් රවී කරුණානායක, අර්ජුන් මහේද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

මේ වනවිට පාර්ලිමේන්තුව විසුරුවා ඇති පසුබිමක රවී කරුණානායකට මන්ත්‍රී වරප්‍රසාද හිමි නොවන අතර එක්සත් ජාතික පක්ෂයේද දැඩි මතභේදාත්මක පරිසරයක් නිර්මාණය වී තිබෙනවා. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සහ රනිල් වික්‍රමසිංහ පාර්ශවය අතර ඇතැම් කරුණු සම්බන්ධව තවම පූර්ණ එකඟතා ඇතිව නොවෙන පසුබිමක රවී කරුණානායක අත්අඩංගුවට ගතහොත් රනිල් පාර්ශවයට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයටද මැතිවරණයේදී දැඩි බලපෑමක් එල්ල විය හැකියි. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන රවී කරුණානායක එ.ජා.ප යේ ඡන්ද ඉපයීමේ සටනේ නියමුවෙක් මෙන්ම ප්‍රධාන පෙළේ අරමුදල් සම්පාදකයෙක් ලෙසද ප්‍රසිද්ධයි.

රනිල් වික්‍රමසිංහගේ තහවුරු කිරීමද ඇතිව පසුගිය රජය සමයේ සිංගප්පූරුව බලා ගිය හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නැවත නොපැමිණි අතර ගෙන්වා ගැනීමේ සාර්ථක යාන්ත්‍රණයක්ද නොතිබුණි. සිදුවීමට අදාලව අත්අඩංගුවට ගනු ලැබ බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් සහ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු පමණයි.

නීතිපති උපදෙස් මත රවී ඇතුළු පිරිස අත්අඩංගුවට පත් වුවහොත් එය ප්‍රධාන පක්ෂ දෙකෙහිම ඡන්ද සටනේ කැපී පෙනෙන මාතෘකාවක් වනු ඇති.

ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *