දප්පුල කතානායක හමුවට…

 දප්පුල කතානායක හමුවට…

නීතිපති දප්පුල ද ලිවේරා කතානායක හමුවට කැඳවා කරුණු විමසිය යුතු බවට ව්‍යවස්ථාදායක සභාව තීන්දු කර තිබේ. ඒ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට අදාලව ඔහු කළ නියෝගය හේතුවෙනි.

ව්‍යවස්ථා සභා රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇත්තේ නීතිපතිවරයාගේ ක්‍රියා කලාපයෙන් අධිකරණය පිළිබඳ ඇති මහජන විශ්වාසය පළුඳු වන අතර අධිකරණයේ ස්වාධීනත්වය සහ විනිසුරන්ගේ වෘත්තීය ගරුත්වයද කෙළෙසෙන බවයි.

ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සභාව ,  කථානායක    කරු  ජයසූරියගේ  ‍ ප්‍රධානත්වයෙන්    සිකුරාදා (24) සවස පැවැත්වුණු   අතර  ඊට  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස, සහ  ආර්.  සම්පන්දන්,  මහින්ද  සමරසිංහ,  තලතා   අතුකෝරාල යන මන්ත්‍රීවරුන්   සහ  සිවිල්  සංවිධාන  නියෝජිතයන්  වන   නීතීඥ ජාවෙඩ් යුසූෆ් සහ    එන්. සෙල්වකුමාරන් මහතා සහභාගී වූහ.

නීතිපතිවරයාට විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීමේ අයිතියක් නැතැයිද ඔහු කළ යුත්තේ සිය තනතුරට අදාල කාර්යය පමණක් යැයිද සඳහන් කරමින් පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නීතිවේදීහු පිරිසක් නිහඬ විරෝධතාවකද නිරත වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *